කොරෝනා (COVID-19) වෛරසය රට තුළ ව්‍යාප්තියත් සමග දැඩි අවදානමකට ලක්වන පුද්ගල කණ්ඩායම් ලෙස වයසින් වැඩි පිරිස් හා කුඩා දරුවන් හදුනාගෙන තිබෙන පසුබිමක් යටතේ එම කණ්ඩායම මෙම වෛරසයෙන් වඩාත් ආරක්ෂාවීමේ දැඩි අවශ්‍යතාවක් මතුව ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ලක්ෂ 30ක් පමණ වන වැඩිහිටි ප්‍රජාව කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා කිරීම සදහා වගකීමෙන් කටයුතු කළ යුත බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය නිවේදනයෙක් නිකුත් කරමින් සදහන් කර තිබේ.
මෙම නිවේදනය මගින් ශ්‍රී ලංකා වෘද්ධ වෛද්‍ය සංගමයේ සභාපතිනි වෛද්‍ය පද්මා එස්. ගුණරත්න මහත්මිය විසින් කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තියත් සමග වැඩිහිටියන් ඉන් ආරක්ෂා කරගැනීම සදහා උපදෙස් කිහිපයක් ලබාදී තිබේ.
