කොරෝනා වෛරසය චීනය මුල් කරගෙන අනෙක් රටවල් බිළිගනිද්දි අපේ හුගක් අය හිතුවේ නෑ මේ ඉරණම අපිටත් අත්වෙයි කියලා.
මේ වෙද්දි අපේ රටෙත් කොරෝනා ආසාදිතයන් 80 ඉක්මවලා ඉන්නවා.
ජීවිත බිළිගන්න කොරෝනා වසංගතයෙන් අපේ මිනිස්සු බේරගන්න මිහිපිට දෙවියන් පිරිසක් දිවා රෑ නැතිව සටන් කරනවා.
ඇත්තටම කිව්වොත් ඒක මානුෂීය මෙහෙයුමක් හා සමානයි.
තමන්ගේ පවුලෙන් නැදෑහින්ගෙන් පවා දුරස් වෙලා තමන්ගේ වෘත්තිය කරන අයව කොරෝනා වාට්ටුවේ වැඩ කරන අය විදිහට හංවඩු ගහන්න පටන් අරන්.
කොහොම වුණත් තමන්ගේ අත්දැකීමක් ගැන ගාල්ල කරාපිටිය රෝහලේ හෙද නිලධාරිණියක් සිය මුහුණුපොතේ මෙලෙස සටහන් කර තිබුණා.
Against covid- 19
මම මගේ හෙද ජීවිතයට ගොඩක් ආදරෙයි එදත් අදත් හෙටත් ..❤️
ඒ වගේම නර්සින් යුනිෆෝම් එකට.😘
හුස්ම ගන්නත් අමාරු ආරක්ෂක ඇදුමක් පැය 3,4 ක් ඇදන් ඉන්න වෙයි කියලා කවදාවත් නොහිතුව ත් 😥 අද ඒ දේ සිද්ද වෙලා ..
හරියට යුද්ධය ක් වගේ ඇදුම දා ගත්තාම කන රිදෙන තරම්,
දාඩිය ගලන්නේ ගගක් වගේ..
නාසය දැනටත් තුවාල වෙලා..
හුස්ම ගන්න අමාරුයි ..
බූට් වලට දනහිස රිදෙන තරම්..
සමහර වෙලාවට ඇදුම අස්සෙන් ඇඩුවත් කාටවත් පේන්නෑ😥
ගෙදර යන්න බෑ ආසයි අම්මව බලන්න..
වතුර ටිකක් බොන්න හිතුනොත් බොන්න බෑ..
මේ තරම් දුකක් වින්දත් අදටත් මන් හෙද ජීවීතේ ට ආසයි❤️
ඒ හින්දා මන් වගේම හැම සෞඛ්‍ය සේවකයෙක්ම විදින මේ යුද්ධය ජය ගන්න ඔයාලත් සහය වෙන්න..
මෙච්චර දුශ්කර ඇදුම් ඇදන් ඔයාලට ගෙදර ඉන්න වෙන්නෑනේ
ඒ හින්දා ප්ලීස් හැමෝම ගෙදර ඉන්න…අපිට උදව් කරන්න
