Gossip

“මම ඉස්සර හමුදාවේ හිටියේ.. මගේ කකුලේ ආබාධයක් තියවා.. පොඩ්ඩක් මට වාඩිවෙන්න ඉඩ දෙන්න පුළුවන්ද..? අපිත් බොහොම අමාරුවෙන් සීට් එක අල්ල ගත්තේ”

අපේ රට වෙළාගෙන තිබුණු කුරිරු ත්‍රස්තවාදීන් පරාජය කළේ අද වගේ දවසකයි.
හිත්පිත් නැති ත්‍රස්තයින් අපෙන් උදුරාගත් දේ කියා නිමකරන්නත් බැරි තරම්.
තම ජීවිතය පරදුවට තබා අප වෙනුවෙන් ලක්මාතාව රකින්නට පෙරට ආ රණවිරුවෙකුගේ දින පොතෙන් අපට ලැබුණු සංවේදී කතාවකි මේ.

අද මට හදිස්සියේම පානදුර යන්න වුණා මගේ යාලුවෙක් හමුවෙන්න,
මම කොටුවෙන් පානදුර බලා යන බස් එකකට ගොඩ වුණා.
සෙනග හුගාක් හිටිය නිසා වාඩිවෙන්න ඉඩක් තිබ්බෙ නැහැ.ඒත් වෙලාව මදි නිසාත්,දහදිය වර්ෂාව නිසාත් මම මේ බස් එකේම යනවා කියල හිතුවා.
රියදුරා බස් රථය පදවන ගමන්ම රේඩියෝවේ ශබ්දය වැඩි කළා,එහි ඇසෙන්නේ සුනිල් එදිරිසිංහ මහත්මයා ගැයූ රන්මලක් ලෙස කියන ගීතය.
හිතට ලොකු සතුටු ආවේගයක් අභිමානයක් ආවා එම ගීතය අහනකොට,හේතුව මමත් කාලයක් මගේ මව්බිම වෙනුවෙන් යුධ පිටියට ගිය රණවිරුවෙක් නිසා.
මට ලොකු ආඩම්බරයක් දැනුනා. අපේ ජනතාව අපි ගැන කොච්චර ආඩම්බර වෙනවද කියල.මොහොතින් මොහොත කොන්දොස්තර කොල්ලා කෑ ගහනවා.
“කට්ටිය ඔහොම යන් ඉස්සරහට ඉස්සරහට ..”. යන්න ඕන කම තිබුනත් මට යන්න බැරිවුණා. ඒ මගේ ආබාධය නිසා.
බස් රථය කෙමෙන් කෙමෙන් ඇදුනා .කොල්ලුපිටිය ලඟට බස් රථය එනවිට මට වේදනාව තවත් දරාගැනීමට බැරි වුණා ,මාගේ පා ආබාධය හුගාක් රිදුම් දීමට පටන් ගත්තා .මම ළඟ හිටිය කෙනෙක්ට හෙමීට කොදුරලා “මම ඉස්සර forces හිටියේ අයියේ, මට කකුලේ ආබාධයක් තියෙනවා ,පොඩ්ඩක් මට වැඩිවෙන්න ඉඩ දෙන්න ” කියලා …ඔහු නිශ්ශබ්ධයි.මම අනෙක් අතට හැරුනා, ..එක කාන්තාවක් එහි වුණා..ඇයගෙන් ද මම ඇහුවා “අපිත් අමාරුවෙන් අල්ලගත්තේ” මම හුගාක් අසරණ වුණා..හේතුව මම කාටවත් කරදර කරන්නට උත්සාහ කලේ නෑ ,මට තිබු වේදනාව නිසා එහෙම ඇහුවේ.
දැන් වේදනාව දැනෙන්නේ පයට නොව හිතටයි.මොවුන් වෙනුවෙන් මම මගේ පවුලෙන් ඈත් වී,ඒ රුධුරු යුධ බිමේ අපගේ ජීවිතය ඇපයට තබා සටන් කලේ කිසිවක්
බලාපොරොත්තුවෙන් නොවේ.
නොනිදා ගත කළ රාත්‍රී ,අවිගත් දෑත් නොදුටු මහන්සිය,පතුරන් වලට බිය නොවූ එඩිතර පෙර ගමන මේ සියල්ල අප ඉටු කලේ, අප මෙහි පැමිණියේ අප ජනතාවගේ නිදහස වෙනුවෙන්. සැවොම මාගේ මවක්,පියෙක්,සහෝදරයෙක්,සහෝදරියෙක්,පුතෙක් දුවෙක් .
කොහොම නමුත් මේ සිතුවිලි තුලින් මගේ වේදනාව මට තුරන් වී ගොස් තිබුණා..
මොහොතකින් මා පිටත පරිසරයට නෙත් යොමු කළා..බසය පානදුර නගරයට ළඟා වෙලා..මාගේ නැවතුම්පලට තරමක් දුර වුණා..මාගේ මෙම සිද්ධිය බලා සිටි අයද බොහොමයක් ,මා හට උසුළු විසුළු කල තරුණයින් පිරිසක්ද ඒ අතර සිටියා.
බසයෙන් නික්මයාමට පෙර ඔවුන් සියලු දෙනාටම මාගේ සිතට දැනුනු දෙය කියන්නට මට ඕන වුණා..
මම ඒ පුද්ගලයා දිහා බැලුවා ” අයියේ, දෙවියෝ ආයෙත් මට මගේ නැතිවුණ කකුල දුන්නොත් , මම ආයෙමත් ඔයාල වෙනුවෙන් රණ බිමට යනවා”
ඒක අහගෙන හිටිය අය,එයාලගේ හිස් පහතට නමා ගත්තා.
හෙමින් පඩි පෙලින් බැසගත් මා දැඩි හුස්මක් හෙලුනෙන් ..ඉදිරියට ගමන් කලේ යුධ පිටියේ අහිමි වූ මාගේ පාදය නිසා ඇතිවන ශෝකය පසෙකට තබා කුරිරු ත්‍රස්තවාදය තුරන් කළ පසු නිදහසේ ගමන් කරන ඔවුන්ගේ සිනහවේ ඡායාව මගේ සිතේ රදවා ගනිමින් .
මාගෙය් දේශයට මා සදා ආදරෙයි!!!
මාගේ දේශයට දෙවි පිහිටයි!!!

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!