Gossip

ඩීසල් මෝටර් රථවලට තහනමක් – කවුරුත් නොහිතපු වෙලාවක අධිකරණයෙන් තීන්දුවක්

අධිකරණයක් විසින් ඩීසල් මෝටර් රථ ධාවනය තහනම් කර තිබෙනවා.

මෙලෙස පැරණි ඩීසල් මෝටර් රථ ධාවනය තහනම් කර ඇත්තේ ජර්මනියේ නගර කිහිපයකි.

ඒ අනුව ස්ටට්ගර්ට් සහ ඩුඑසෙල්ඩෝර්ෆ්ට් යන නගරවල ඉදිරියේදී පැරැණි ඩීසල් මෝටර් රථ ධාවනය තහනම් කෙරෙන බවයි විදෙස් පුවත් වාර්තා අනාවරණය කරන්නේ. එරට Federal Administrative Court මෙම විශේෂ නියෝගය කර තිබෙනවා.

මෙම තත්වය තුලින් ගැටලුකාරී තත්වයක් ඇතිවියහැකි බවයි එරට රජය අදාළ තහනම් නියෝගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මීට පෙර සඳහන් කර තිබුනේ.

එම තීරණයට එරෙහිව එරට රජය අධිකරණය හමුවේ ඇපෑලක් ඉදිරිපත් කෙරුණු අතර එයද ද ප්‍රතික්ෂේප වීම විශේෂත්වයක්.

මෙලෙස ඩීසල් වාහන තහනම් කිරීම සිදුකර ඇත්තේ එරට පරිසර සංවිධාන විසින් අධිකරණය හමුවේ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

මේ අතර අදාළ නියෝගය සම්බන්ධයෙන් මේ වනවිට විවිධ පාර්ශව අදහස් පළකර තිබෙනවා. ඇතැමුන් පෙන්වා දෙන්නේ මෙමගින් යුරෝපය පුරා ඩීසල් වාහන තහනමක් සිදුකිරීම ආරම්භ විය හැකි බවයි.

මෙලෙස අධිකරණය විසින් ඩීසල් වාහන භාවිතය තහනම් කිරීම ජනතාව ලද ජයග්‍රහණයක් බවයි මෙම නියෝගයට සහය දක්වන පාර්ශව පෙන්වාදී ඇත්තේ.

මෙම විශේෂ තහනමත් සමඟ ලොව පුරා වායු දූෂණය හේතුවෙන් පීඩා විඳින රටවල් ඉදිරියේදී දැඩි තීරණ වලට එළඹිය හැකි බවටද විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!