Gossip

සියල්ල කණපිට පෙරලෙයි, ශ්‍රී දේවිගේ මරණය අදෘෂ්‍යමාන බලවේගයක්?

බොලිවුඩ් නිළි ශ්‍රී දේවිගේ මරණයත් සමග හැමතැනම විවිධ කතා පැතිරෙමින් පවතිනවා.

ඉතින් මේ ගැන අපි දැක්ක තවත් ෆේස්බුක් සටහනක් තමයි මේ.

ශ්‍රී දේවි ට දිව්‍යා භාරතී එන්න කීවාද??

බොලිවුඩයේ එතෙක් මෙතෙක් බිහි වූ සුපිරිතම නිළියක් වූ ශ්‍රී දේවි පසුගිය 24 වනදා ඩුබායි හිදි සිදුවූ හදිසි අනතුරකින් මිය යාම මුලු මහත් බොලිවුඩය මෙන්ම දෙස් විදෙස් බොලිවුඩ් රසික රසිකාවියන්ද මහත් කැළඹීමකට පත් කරවන්නක් විය. ඩුබායි හි මංගල උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව තම හෝටල් නාන කාමරයේ සිදුවූ අනතුරකින් ඈ මිය යන විට වයස අවුරුදු 54 ඉකුත් වූවා පමණි. මෙම ඡායාරූපයෙන් ඔබ දකින්නෙ ශ්‍රී දේවි පමණක්ම නොවේ. ඇයගේ රුවට බෙහෙවින්ම සමාන රුවක් තිබූ කළක් ජනප්‍රියම නිළියක් වූ , අදට වසර 25 කට පෙර මිය ගිය දිව්‍යා භාරතී අනෙක් සුරූපිනියයි.

ශ්‍රී දේවි මියගියේ පසුගිය 24 මැදියම් රැයේදී වූ අතර දිව්‍යා ගේ 44වන ජන්ම සංවත්සරය යෙදී තිබුණේ පෙබරවාරි 25 දාය. 1974 දී උපන් දිව්‍යාගේ මරණයද ශ්‍රී දේවි ගේ මරණයද බොලිවුඩය මෙන්ම ජාත්‍යන්තරවද දැඩි කතා බහට ලක් විය. මේ දෙදෙනාම ළමා කාලයේදිම චිත්‍රපට වලට අවතීර්ණ වූහ. දකුණු ඉන්දීය සිනමාවට ශ්‍රී දේවි පය තබන විට යන්තම්ම වයස අවුරුදු හතර ලැබුවා පමණි. දිව්‍යා සිනමාවට එද්දී ඇගේ වයස අවුරුදු දහ හතරක් වූවාය. සුවිශේෂ කාරණය වූයේ මේ දෙදෙනාගෙ රුව බෙහෙවින්ම සමාන වීමයි. වරක් දිව්‍යා ඒ පිළිබඳව පවසා තිබුණේ ශ්‍රී දේවි තමාට වඩා බෙහෙවින්ම සුන්දර බවත්,ඊට හේතුව තමාගෙ මෙන් ඇගේ මුහුණේ කුරුළෑ දක්නට ලැනෙන්නේ නැති බවත්ය. විශේෂයෙන්ම දිව්‍යාගේ උපන්දිනය යෙදී ඇති දිනට පැය කිහිපයක් පෙරාතුව ශ්‍රි දේවි මිය යාමත් දෛවෝපගත සිදුවීමකි. දිව්‍යා ගේ මරණය ද අතිශයින් ආන්දෝලනයකට තුඩු දුන් සිදිවීමක් විය. වයස අවුරුදු 19දී දිව්‍යා මිය ගියේ ඇය ජීවත් වූ නිවාස සංකීර්ණයේ පස් වන මහලින් බිමට වැටීමෙනි. ඒ වන විට ඇය බීමත්ව සිටි බවට ද පසුව අණාවරණය විය.

මියයන විටත් දිව්‍යා බොලිවුඩයේ අතිශයින් ජනප්‍රිය වී සිටියාය. ඒ වන විට ඇය ලාඩ්ලා චිත්‍රපටියේ රූ ගත වලට සහභාගි වී චිත්‍රපටියේ අඩක් වැඩ නිමකර තිබුණි. එහෙත් ඇගේ අනපේක්ෂිත මරණයෙන් පසුව වෙනත් නිළියක් යොදා යලි රෑ ගත කිරීම නිශ්පාදයාට අවශ්‍ය වූයෙන් ඒ සඳහා අවස්ථාව ලැබුණේ ශ්‍රී දේවිටය. අනිල් කපූර් හා රවීනා තණ්ඩන් අනෙකුන් ප්‍රදාන චරිත නිරූපණය කළහ. ශ්‍රී දේවිගෙ මෙම අනපේක්ෂිත මරණයෙන් පසුව රවීනා මෙම සිදුවීම් සම්බන්ධයෙන් ඉතා සංවේදී කරුණු රැසක් අනාවරණය කර තිබුණි. ඒ වන විටත් දිව්‍යා යෝදා රූගත කිරීම් රැසක් අවසන් කොට තිබුණි.
” එක්තරා සිදුවීමක් රූ ගත කරන අවස්තාවේ දී දිව්‍යා ට වචන උච්ඡාරණයේ වැරදි රැසක් සිදුවුණා. අවස්ථා කිහිපයක් රූ ගත කළත් දිව්‍යා එතන දී හිරවුණා. අපි හය හත් පාරක් රූ ගත කිරීම් සිදුකළා. දිව්‍යා ගේ මරණයෙන් මාස කිහිපයකට පසුව ශ්‍රී දේවි යොදා මේ ස්ථානයෙම එම දෙබස් සමග යලි රූ ගත කරමින් සිටින විට දිව්‍යාට මෙන්ම ශ්‍රී ටත් එම දෙබස් හිරවුණා. අපි සියල්ලන්ටම මෙය අදහාගත නොහැකි වුණා. අපේ ඇඟේ හිරිගඩු පිපුණා. ශ්‍රී කෙතරම් බය උනාද කිව්වොත් මගේ දෑත් තදින් අල්ලා ගත්තා. අධ්‍යක්ෂ ශක්ති කපූර් සමග අපි ගයාත්‍රී මන්ත්‍ර ගායනා කලා. පසුවයි රූ ගත කිරීම් සිදුවූයේ.” රවීනා පවසා තිබේ.

බොහෝ විට ඉහත සිදුවීම් අහම්බයක්ම පමණක් විය හැකිය. දැන් දිව්‍යා මෙන්ම ශ්‍රී දේවිය ද අප අතර නැත. ඔවුහු රුවින් සිනහවෙන් නර්තනයෙන් දිව්‍ය ලෝකය තුටු කරනවා ඇත..

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!