මෙවර අයවැයේ දී වාහන මිල ගණන් පිළිබඳ කිසිදු වෙනසක් සිදුනොවන බව මුදල් අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කළ බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසීය. ඊයේ (21) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙරෙන්චිගේ මහතා කියා සිටියේ මේ වන විට ආනයනකරුවන්ට වාහන විකිණීමට සිදුව ඇත්තේ ආනයන මිලටත් වඩා පහළින් බවයි. එසේම මෙය ගැණුම්කරුවන් හට වාහනයක් මිල දී ගැනීමට හොඳම කාලය බවත් ඉදිරියේ දී තවත් ලක්ෂ දෙක තුනකින් වාහන මිල ඉහළ යාමට හැකි බවත් ඔහු මෙහිදී පැවසීය.
වාහන ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් විසින් මෙම මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස් පහතින් නැරඹිය හැකිය.
උපුටා ගැනීම – http://biz.adaderana.lk/
