අතින් ගිලිහී බිමට වැටී ශීතකරණය අස්සට ගිය රුපියල් පහේ කාසිය ගැනීමට ශීතකරණය අස්සට අත දැමූ 17 හැවිරිදි තරුණියක විදුලිසර වැදී රෝහල්තව සිටියදී මිය යෑමේ දුක් මුසු සිද්ධියක් රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේදී පැවති පශ්චාත් හදිසි මරණ පරීක්‍ෂණයකින් අනාවරණය වේ.
14 වැනිදා උදෑසන 9.45 ට පමණ සිදුවී ඇති මෙම ඛේදනීය සිද්ධියෙන් රෝහලේදී මියගොස් ඇත්තේ රාගම තුඩුවේගෙදර විසූ එච්. කේ. දිල්කි හෂිණි නමැති තරුණියකි.
