හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගමන් කළ රථ පෙළකට ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
ඒ මුන්දලම – කනමුල්ල ප්‍රදේශයේදී.
මුන්දලම ප්‍රදේශයේ ආධාරකරුවන් පිරිසක් හමුවීම සඳහා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් ගිය අවස්ථාවේදීයි මෙම ප්‍රහාරය එල්ලවි තිබෙන්නේ.
මාර්ගය හරස් කරමින් මන්ත්‍රීවරයා ගමන් කළ වාහන පෙළ නවතා ඇති අතර ඉන් පසුව එම ස්ථානයෙන් මන්ත්‍රීවරයා නික්ම යන අවස්ථාවේදී රථ පෙලට ගල් ප්‍රහාරයක් එල්ල කළ බවයි පොලිස් ආරංචි මාර්ග වාර්තා කළේ.
මෙම ගල් ප්‍රහාරයෙන් වෑන් රථයකට හානි සිදුව තිබූ අතර මේ සම්බන්ධයෙන් තිදෙනෙකුගෙන් ප්‍රකාශද සටහන් කරගෙන තිබෙනවා.