හලාවත ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්තාවක් නිසා හෙට උදෑසන 6.00 දක්වා ඇදිරි නීතිය පැනවීමට පොලිසිය තීරණය කර තිබෙනවා.
ඇතිවූ නොසන්සුන්තාව යුද හමුදාව සහ පොලිසිය එක්ව පාලනය කර ඇති බවයි වාර්තා වන්නේ.
අන්තර්ජාල ආරංචිවලට අනුව තමන්ට කිසියම් බියක් හට ගෙන ඇති නිසා වහාම මේ සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් අද තරුණ කල්ලියක් මුලින්ම හලාවත මුලස්ථාන පොලිසිය අසලට රැස්වී තිබෙනවා.
එමෙන්ම පොලිසිය තම ඉල්ලිමට අවශ්‍ය පියවර ගැනීම පමා කරන බව කියමින් පසුව යතුරු පැදි හා ත්‍රිවිල් රථවල නැග හලාවත නගරයේ කඩ විදිය වෙත ගොස් එහි පිහිටි කඩයක සිටි පිරිසගෙන් ඒ ආරංචිය පිළිබදව ප්‍රශ්න කරමින් ඔවුන් ඇවිද ගොස් තිබෙනවා.
ඒ අතර පිරිසක් කඩ විදියේ වෙළදසැල් වසා දැමීමට උපදෙස් දුන් අතර ඒ අවස්ථාවේදී ඒ අසළට පැමිණි යුද හමුදා නිලධාරීන් සහ පොලිසිය විසින් ඔවුන් ඉවත් කිරීමට කටයුතුකර ඇති බවයි වාර්තා වන්නේ.