ශ්රී ලංකා, බංග්ලාදේශ සහ සිම්බාබ්වේ තුන්කොන් එක්දින තරගාවලිය ලබන 15 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගාවලිය පුහුණුකරුවෙකු නොමැතිව තරග කිරීමට බංග්ලාදේශය තීරණය කර තිබෙනවා.
ඉන් පසුව ශ්රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් සහ විස්සයි විස්ස තරගාවලියටද එලෙසම ඔවුන් මුහුණ දෙන බවටයි වාර්තා වන්නේ.
දැනට සහාය පුහුණුකරු ලෙසින් කටයුතු කරන රිචඩ් හල්සාල් පුහුණුකාර ධුරයේ ප්රධානීත්වයට පත්වනු ඇති අතර, කණ්ඩායමේ කළමනාකාර කලීඩ් මහමූද් මෙන්ම ප්රවීණ ක්රීඩකයන් වන ශකීබ් අල් හසන් සහ මෂ්රෆී මෝටාසා නිල පුහුණුකරුවෙකු පත්වන තුරු ඒ පිළිබඳ වගකීම් දරනු ඇති බවයි බංග්ලාදේශ ක්රිකට් කමිටු සභාපති නස්මුල් හසන් පවසන්නේ.
චන්දික හතුරුසිංහ පසුගිය නොවැම්බරයේ සිය තනතුරින් ඉවත් වීමෙන් පසුව හිස් වූ පුහුණුකරු තනතුරට බංග්ලාදේශය තවමත් පුහුණුකරුවෙකු සොයමින් පසුවනවා.
මේ වනවිට බංග්ලාදේශ ක්රිකට් කමිටුව ඇන්ඩි ෆ්ලවර්, ජස්ටින් ලැන්ගර්, ටොම් මූඩි, මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර යන හිටපු ප්රවීණ ක්රීඩකයන් හතුරුසිංහගෙන් හිස් වූ තනතුරට ගැළපෙන අපේක්ෂකයන් ලෙස දන්වා තිබුණා.
නමුත් ඔවුන් එය ප්රතික්ෂේප කර තිබෙනවා.
