Gossip

ඕන දෙයක් කරලා ප්‍රසිද්ධ වෙන්න පුළුවන් – මම වැරදි හදාගන්න උත්සාහ දරන්නේ නැහැ – යුරේනි නොෂිකා

යුරේනි නොෂිකා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඒ වගේම ක්ෂේත්‍රයේ ඇයව නිතරම දැකගන්නට ලැබෙන්නේ දඟකාර චරිතයක් විදියට. ඉතින් යුරේනි ඇගේ අලුත් තොරතුරු ගැන කියලා තිබුණේ මේ විදියට.

අලුත් අවුරුද්ද කොහොමද?
ධනාත්මකව හොඳ සිතුවිලිවලින් මේ වසර ආරම්භ කරන්නයි සූදානම.

මෙගා වලින් ජනප්‍රිය වුණ යුරේනිට දැන් මෙගා ඇතිවෙලාද ?
අනේ එහෙම එකක් නෑ. හොඳ දෙයක් ආවොත් කරනවා.

හැංගිලා ඉඳලා එකපාරට ඉස්මතු වෙන්නේ ජනප්‍රියත්වය ඉස්මතු කර ගන්නද?
ඕනෑම කෙනෙක් හැමතිස්සේම පේන්න හිටියම අගයක් නැතිවෙනවා. මම විශ්වාස කරන දෙයක් තමයි හොඳ දෙයක් නම් කාලෙන් කාලේට ආවට කමක් නැහැ කියන දේ. හැම තිස්සෙම ඉන්න ඕනේ නැහැ ජනප්‍රියත්වය රැඳෙන්න. කරන වැඩේ හොඳ නම් අනිවාර්යෙන්ම කාලයක් ගිහිල්ලා ආවත් ඒ වැඩේ ප්‍රේක්ෂකයන්ට මතක හිටිනවා. ජනප්‍රියවෙන්න දඟලන්නේ නෑ මම.

චාම් විදිහට ආපු යුරේනි අද වෙනකොට වෙනස්වෙලා නේද?
කාලයත් එක්ක සිතුවිලි පරිනත වෙනවා. අවශ්‍ය අවස්ථාවට ගැළපෙන විලාසිතා කරනවා. තරුණ කාලේ අපේ දැනුම අඩුකමකින් විලාසිතා කළාට දැන් බුද්ධිමත්ව සුදුසු විදියට විලාසිතා කරනවා.

ජනප්‍රියත්වය වැඩි කර ගන්නද අඩ නිරුවතින් පේනී ඉන්නේ?
ජනප්‍රියත්වය කියන්නේ ජනයා ප්‍රිය කරන එක. ප්‍රසිද්ධ වෙනවා කියන්නේ තවත් එකක්. තමන්ගේ ශරීරය අනවශ්‍ය විදියට පෙන්නලා ඉන්න අය ප්‍රසිද්ධයි කියලා මම දන්නවා. ලංකාවේ නම් නැතුව ඇති. බාගෙට ඇඳලා ගියත් අපේ අය කියන්නේ නිරුවතින් යනවා කියලා. නමුත් ඕක පිටරට සාමාන්‍ය දෙයක්නේ. ඉතින් ඒ අය ප්‍රසිද්ධයි. නමුත් ජනප්‍රියත්වය කියලා මම දකින්නේ වෙනත් දෙයක්. තමන් කරන චරිතවලට ආසාවෙන්, වැඩවලට ආසාවෙන් , ගරුත්වය සහ ආදරයත් සමඟ වැඩකිරීම තමයි ජනප්‍රියත්වය ලෙස මම දකින්නේ. ඕන දෙයක් කරලා අද ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. නමුත් ජනප්‍රියත්වය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා.

ආදරය සහ විවාහය ගැන මොකද හිතන්නේ?
හැම ආදරයක්ම විවාහයෙන් කෙළවර වෙන්නේ නැහැ. සමහර වෙලාවට විවාහය කියන දේ තුළ ආදරය නැති වෙනවා සමාජයේ දැකලා තියෙනවා. ආදරය සහ විවාහය හරි සංකීර්ණ මාතෘකා 02ක්. විවාහය ඇතුළේ සැබෑ ආදරය ලැබිලා තියෙනවා නම් හරි වාසනාවන්තයි. විවාහය කියන්නේ ආත්මීය බැඳීමක්. විවාහය පවතින්නේ විශ්වාසය මත.

අප්‍රකාශිත ආදරයක් ඔබටත් තිබුණද?
ඔව්. අනිවාර්යෙන්ම මට ආදරයක් ඇති වෙලා තියෙනවා. ආදරයක් තිබිලා තියෙනවා. නැතිවෙලා තියෙනවා. ඒක තමයි මම කිව්වේ හැම අදාරයක්ම විවාහයෙන් කෙළවර වෙන්නේ නෑ කියලා. ඒ කෙටි කාලය සතුටින් විනෝද වුණා.

ආදරය සහ රාගය එකට පවතින්න පුළුවන්ද?
ඔව් එකට පවතින්න පුළුවන්. ආදරය රාගයෙන් කෙළවරවන්න ඉඩක් නැහැ. රාගය ආදරයෙන් කෙළවර වෙන්න පුළුවන්.

විරහව කියන්නේ?
විරහව කියන්නේ සුන්දර වේදනාවක්. ඒක ජිවිතයට ලැබිය යුතු දෙයක්.

ඇයි ඔබ Sport car එකක් පාවිච්චි කරන්න හිතුවේ?
මම හරි ආසයි.මම sport වලට කැමති චරිතයක්.

ඕනෑම චරිතයක් කැමරාව ඉස්සරහ රඟපාන්න පුළුවන්ද?
හ්ම්.. මම හිතනවා පුළුවන් කියලා. ඒ හැකියාව උරඟා බලන්න ඒ චාන්ස් එක දෙන්න ඕනේ. මම හිතනවා ඒක ඉස්සරට හම්බවෙයි කියලා.

අතීතයට ගිහිල්ලා කොතනකදී හරි වැරදුන තැනක් හදාගන්න දුන්නොත්?
මම වැරදි තුළින් හැදිච්ච කෙනෙක්. වැරදි මාව ශක්තිමත් කළා. මම වැරදි හදාගන්න උත්සාහ දරන්නේ නැහැ. මොකද මම වැරදිවලින් හොඳ කෙනෙක් වුණානේ. අදත් වැරදි කරයි. ඒවායින් මනුස්සයෙක් හැදෙන එකයි වෙන්නේ.

ප්‍රවීනයන්ගෙන් තරුණ පරපුරට ලැබෙන සහයෝගය කොහොමද?
ඒ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අද ප්‍රවීන සහ තරුණ පරපුර එකට එකතුවෙලා සහයෝගයෙන් වැඩ කරනවා. ඒකත් ලොකු දෙයක්නේ.

මේ වර්ෂයේ තියෙන ලොකුම ඉලක්කය මොකද්ද?
ලොකුම ඉලක්කයක් තිබෙනවා. ඉස්සරහට බලන්න පුළුවන් වෙයි.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!