මළ සිරුරු බහාලන ආරක්ෂිත කවර 1,000 ක් රතු කුරුස සංවිධානයෙන් ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශය ලිපියක් යොමු කර තිබෙනවා.
එම ලිපිය යොමු කළ බවට සදහන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සෞඛ්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස් තහවුරු කලා.
එහෙත් ඊට හේතුව මෙරට කොවිඩ්-19 අවදානම බරපතළ වීම නොවන බවත්, රතු කුරුස සංවිධානයේ ඉල්ලීමකට අනුව එම ලිපිය යොමු කළ බවත් ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.
අවශ්‍ය තත්ත්වයක් ඇතිවුවහොත් ප්‍රයෝජනයට ගැනීමට මළ සිරුරු බහාලන ආරක්ෂිත කවර මෙරට නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් අවධාරණය කිරීමෙන් පසු, රතු කුරුස සංවිධානය මගින් දැනුම් දී ඇත්තේ තම සංවිධානයට එවැනි ආරක්ෂිත කවර 1,000 ක් ලබාදීමේ හැකියාව ඇති බවයි.
එහෙත් සංවිධානයේ පරිපාලන ක්‍රමවේදයන්ට අනුව ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපියක් අවශ්‍ය බව රතු කුරුසය දැනුම් දී තිබූ බවත්, එම දැනුම්දීමට ප්‍රතිචාර ලෙස මෙම ලිපිය යැවූ බවත් සදහන් කළ ලේකම්වරයා, වැඩිදුරටත් පැවසුවේ
මෙම ආරක්ෂිත කවර කොවිඩ්-19 ආසාදිතයින් ආදාහනයේදී පමණක් නොව, ඇතැම් අවස්ථාවල සැකකරුවන්ගේ මළ සිරුරු නැවත ගොඩ ගැනීමේ අරමුණින් වළ දමන විට ද භාවිත කරන බවයි.
