Gossip

ගල්මුල්වලින් ගසා බිබිලේ අයෙකු ඝාතනය කරයි

බිබිල බදුල්ලගම්මන ප්‍රදේශයේ නිවසකට 26 දින රාත්‍රි ගල් මුල් වලින් පහරදි නිවෙස් හිමියෙකු ඝාතනය කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකු අද (27) දින අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

බදුල්ලගම්මන පදිංචි එස්.එම් ජයවර්ධන (65) නැමැති දෙදෙරු පියෙකු පහරකෑමට ලක්ව 26 දින රාත්‍රි එම
ස්ථානයේදිම මියගොස් තිබෙන බව පොලිසිය කියයි.

සැකකරුවන් ගල් මුල් අතතිව පැමිණ නිවසට පහරදෙමින් සිටින අතරතුර යතුරු පැදියෙන් නිවසට
පැමිණෙමින් සිටි නිවෙස් හිමියාට අමානුෂික ලෙස පහරදී ඝාතනය කර තිබෙන බව පොලිසිය කියයි.

මිය ගිය අය හා සැකකරුවන් අතර තිබු පවුල් ආරවුලක් මෙම ඝාතනයට හේතුව බවට පොලිසිය සැකකරයි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ප්‍රසන්න පත්මසිරි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!