සිරුර වර්ධනය කර ගැනීම සඳහා මුහුණු පොතේ (ෆේස්බුක්) නම සඳහන් වූ කොළ වර්ගයක් නිවසට ගෙනවිත් එම කොළ අඹරා යුෂ පානය කළ 36 හැවිරිදි විවාහකයකු 03 වැනිදා අලූයම මියගොස් ඇති බව වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය 03 වැනිදා ගම්පහ මහ රෝහලේදී පවත්වා තිබෙනවා.
ගම්පහ රෝහලේ හදිසි මරණ පරීක්ෂක පී. පී. ආර්. පී. රාජපක්ෂ මහතා ඉදිරියේ පැවති හදිසි මරණ පරීක්ෂණයේදී මරණකරු වූ ගම්පහ මොරගොඩ පදිංචි පුද්ගලයාගේ මව සාක්ෂි දෙමින් මෙසේ පැවසුවාය.
මියගිය පුතා විවාහකයි. බිරිඳගෙන් වෙන්ව මා සමඟ ජීවත් වන්නේ. පුතා සිරුර නිරෝගී කර ගන්න විවිධ කොළ වර්ගවල යුෂ හදාගෙන බොනවා. කැඳත් බොනවා. සිරුර වර්ධනයට සහ ස්නායු වර්ධනයට ‘ගජ මදාරා’ නමැති ගසේ කොළ හොඳයි කියා ෆේස්බුක් එකේ තියෙනවා කියා පුතා මට කිව්වා.
ගජමදාරා ගස් ලංකාවේම තියෙන්නේ 15 ක් පමණයි කියාත් පුතා මට කිව්වා. ඉකුත් 28 වැනිදා මියගිය පුතා ගජමදාරා කොළ නිවසට ගෙනවිත් එම කොළ බ්ලෙන්ඩර් එකට දමා අඹරා ඉස්ම කෝපයකට ගත්තා. එම ඉස්ම කෝප්ප භාගයක් බීලා ඉතිරි කෝප්ප භාගය පසුව බොන්න ශීතකරණයට දැම්මා. යුෂ කෝප්ප භාගය බීපු පුතා විනාඩි 10 කින් පමණ ක්ලාන්ත සමග කැරකිල්ලයි කියා රෝහලට රැුගෙන යන්න කිව්වා. ගම්පහ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුතා 03 වැනිදා අලූයම මියගිය බව දැන ගත්තා යැයි පැවසුවාය. ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තාව අනුව විෂ ශරීරගත වීමක් හේතුවෙන් එම මරණය සිදුව ඇති බවට තීන්දු කර තිබුණා.
