Gossip

“ඔය වීඩියෝව තිබුණේ මමත්, වොල්ගා කල්පනී ළඟත්, තවත් කෙනෙක් ළඟත් පමණයි.” – බුකියට ලීක් වුණු වීඩියෝව ගැන වොල්ගාගේ පෙම්වතා හෙළි කරයි

පසුගියදා අන්තර්ජාලයේ පැතිරුණ වීඩියෝවක් නිසාම ජනප්‍රිය නිළියකට මඩ ප්‍රහාරයක් එල්ල වූ බව රහසක් නෙමේ.
මේ වීඩියෝ කතාවේ ඇත්තනැත්ත සොයා දැන ගැනීම ජනප්‍රිය නිළි වොල්ගා කල්පනීගේ පෙම්වතා වන නව පරපුරේ ගායන ශිල්පී බිනොෂ් පීරිස්ට කතා කළා. මේ ඔහු මාධ්‍යයට පළමුවරට කළ හෙළිදරව්වයි මේ.

මොකක්ද මේ අන්තර්ජාලයේ පැතිරුණු වීඩියෝ කතාව?
ඔය දේ මට ප්‍රශ්නයක් නැහැ. නමුත් වොල්ගා කල්පනීට මඩ ගැහිල්ලක් විදියට කවුරු හරි කරපු දෙයක් තමයි ඔය. ‘අවලංගු කාසිය’ මගේ ගීතයට අපි රූප රචනා සිදුකළා.
එහිදී ගත්ත වීඩියෝ කිහිපයක් පසුව අනවශ්‍ය නිසා අපි ඇතුළත් කළේ නැහැ. අවශ්‍ය වෙයි කියලා තමයි අපි එය ගත්තේ. ඔය වීඩියෝ පට තිබුණේ මමත්, වොල්ගා කල්පනී ළඟත්, තවත් කෙනෙක් ළඟත් පමණයි. ඉතින් අපි තුන්දෙනා ඒවා සුරක්ෂිතව තියා ගත්තා කාටවත් බලන්න බැරි විදියට.

එහෙනම් කොහොමද එළියට ගියේ?
අපි තුන්දෙනාට තුන්දෙනා විශ්වාසයි. නමුත් මට හිතෙන්නේ මගේ හෝ වොල්ගාගේ ෆේස්බුක් හැක් කරලා ගත්තා වෙන්න පුළුවන්.

ඔය දෙදෙනාගේ ආදර කතාවට කවුද අකුල් හෙළන්නේ?
එහෙම තරහකාරයෝ අපිට නැහැ. මම ආදරය ගැන මේ වෙලාවේ කතා කරන්න කැමැති නැහැ. ඒව ගැන අපි වෙනම කතා කරමු.
මේ වෙලාවේ මට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් වොල්ගාට ඇතිවුණ ප්‍රශ්නය නිසා මටත් අවුල්.

අද ගොඩදෙනෙක් ජනප්‍රියතාව වෙනුවෙන් ගොසිප් මවනවා. ‘අවලංගු කාසියටත්’ එහෙම වුණාද?
අවලංගු කාසිය ජනප්‍රිය කරන්න අපට කිසිම උවමනාවක් නැහැ ගොසිප් මවලා.
එහෙම ජනප්‍රිය කරන්න ඕන නම් ඔයදේ මගේ නම යොදාගෙන කරන්නේ. මෙය මඩ ප්‍රහාරයක් විදියට තව කෙනෙක් වොල්ගාට කරපු වැඩක්.

‘අවලංගු කාසියට’ ජනප්‍රිය නිළි වොල්ගා කල්පනී ඔබේ පෙම්වතියම ගැනීමට විශේෂ හේතුව?
ඇයව මම අවලංගු කාසියට ගත්තේ මගේ පෙම්වතිය නිසා නෙමේ. ඇය මේ ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
ඇය ගැන මේ ක්ෂේත්‍රයේ ජනප්‍රිය ශිල්පීන් කතා වෙනවා මගේ කනට ඇහිලා තියෙනවා. ඒ වගේම ඇය මගේ පෙම්වතිය වෙන්න කලින් ඇයගේ හොඳ රසිකයෙක් මම. ඇයගේ රඟපෑමට මම ගොඩක් කැමැතියි. ඒ නිසා මම ඇයව සම්බන්ධ කරගත්තා.
මගේ පෙම්වතිය විදියට වොල්ගාව සම්බන්ධ කරගත්ත නිර්මාණයක් ඉදිරියේදී දැකබලා ගන්න පුළුවන්.

මේ දවස්වල ඔබගේ කලා කටයුතු කොහොමද?
කලා ක්ෂේත්‍රයේ ගායන ශිල්පියකු ලෙස පූර්ණකාලීනව මම වැඩකටයුතු කරගෙන යනවා. ඒ අතර අපේ සංගීත කණ්ඩායමේ පියානෝ වාදක ශිල්පියකු ලෙසටත්, ගායන ශිල්පියකු ලෙසටත් කටයුතු කරගෙන යනවා.

වසන්ත විතාරණගේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!