සැමියා විසින් තමා අනතුරකින් මියගිය බව ඇඟවූ පසු ඔහුගේ බිරිඳ දරු දෙදෙනා සමඟ සියදිවි හානිකරගත් පුවතක් චීන මාධ්‍ය වාර්තා කරනවා.
මෙම පුද්ගලයා විසින් මියගිය බවට අඟවා තිබෙන්නේ මුල්‍ය ගැටලුවක් නිසා රක්ෂණ වන්දියක් ලබාගැනීම සඳහා බවටයි දැනගන්නට ලැබෙන්නේ.
මෙම සිද්ධිය ගැන දැනගැනිමෙන් පසුව බිරිඳ සහ දරු දෙදෙනා සියදිවි හානිකරගෙන තිබෙනවා.
ඉන් පසුවයි සැමියා පොලිසියට පැමිණ භාරවී තිබෙන්නේ.
මෙම පුද්ගලයා විසින් කුලී පදනම මත ලබාගත් මෝටර් රථය ගඟකින් සොයාගෙන ඇති අතර එහි තිබී ඔහුගේ සිරුර හමුව තිබී නැහැ.
එහිදී අනුමාන කර තිබෙන්නේ මෙම පුද්ගලයා මියගොස් ඇති බවයි.
මේ පිළිබඳව බිරිඳව දැනුවත් කර නොමැති බවටයි අනාවරණය වී තිබෙන්නේ.
ඒ අනුවයි තම සැමියා මියගොස් ඇති බවට විශ්වාස කර තිබෙන්නේ.
ඉන් පසුව බිරිඳ විසින් ලිපියක් ලියා තබා තම දරුවන් දෙදෙනා සමඟ විලකට පැන සියදිවි හානිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අදාල සැකකාර සැමියාගේ ව්‍යාජ මරණයෙන් සති කිහිපයකට පසුවයි නිවස පිටුපස විලක තිබී බිරිඳගේ සහ දරුවන්ගේ මළසිරුරු හමුවී තිබෙන්නේ.
ඉන් පසුව මෙම පුද්ගලයා විසින් පොලිසිය වෙත පැමිණ සියල්ල පාපොච්චාරණය කර තිබෙනවා.
යුආන් 100,000 කට අධික මුදලක් තමා ණයවී ඇති බව එහිදී හෙළිකර ඇති අතර ව්‍යාජ මරණයට පෙර සැකකාර පුද්ගලයා විසින් ඇමරිකානු ඩොලර් 145,000 ක රක්ෂාවරණයක් ලබාගෙන තිබෙනවා.
එහි ප්‍රතිලාභියා ලෙස බිරිඳ නම් කර ඇති බවත් සඳහන්.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම පුද්ගලයාට එරෙහිව රක්ෂණ වංචා සහ හිතාමතා දේපළ හානි සිදුකිරීම යටතේ නඩු පවරන බවයි.