ජනප්‍රිය ටෙලි නාට්‍යය නළුවෙකු වන සාරංග දිසාසේකර හා ජනප්‍රිය ඒ වගේම දක්ෂ නිළියක් වන උමාලි තිලකරත්න සමඟ ඇති පෙම් හුටපටය ජනප්‍රිය රහසක්නේ.
ඉතින් ඒ දෙන්නාගේ පෙම ළඟදී මල්ඵල ගන්වන්නයි යන්නේ.
ඉතා නුදුරු දිනයකදීම සාරංගගෙයි උමාලිගෙයි විවාහය සිදුවන බව අපට දැනගන්න ලැබෙනවා.
පසුගිය දිනවල උමාලි ජපානයේ අධ්‍යාපන කටයුතු සඳහා ගොස් සිටි ඇති අතර මේ වන විට ඇය ලංකාවට ඇවිත් ඉන්නේ.
මේ විවාහ උත්සවය කලාකරුවන් රැසක් සමඟ එක්ව සැමරීමට නියමිත බවද අපට දැනගන්න ලැබෙනවා.
ඉතින් සාරංගගෙයි උමාලිගෙයි විවාහයට අපිත් සුබ පතනවා.
