රැගේ සින්දු කියන ෂෝන් පෝල් අපි හැමෝම හොඳට දන්න කියන කෙනෙක්නේ. ජැමෙයිකානු ජාතික ෂොන් පෝල් ඉංග්‍රීසි භාෂාවලින් ඕන තරම් සින්දු කියලා තිබ්බට වෙනත් භාෂාවලින්නම් කියලා තියෙන්නේ සින්දු 2 යි.
ඒ ස්පාඤ්ඤ භාෂාවෙන් සින්දු 2 ක් කියලා. හැබැයි ඉතින් ඒ සින්දු 2 ටත් ස්ටූඩියෝ එකට ගිහින් ලෑස්ති වෙන්නම පැය ගාණක් ගියා කියලයි ෂෝන්නම් කියන්නේ.කෙහොම වුණත් හින්දිවලින් සින්දු කියන එක ගැන තාම ෂෝන් හිතලා නෑලු. එයා එහෙම කියන්නේ මේ දවස්වල ඉන්දියාවේ රවුම් ගහන අතරතුරේ දීයි.
“මගේ වචන උච්ඡාරණය ඇත්තටම හොඳ මට්ටමක තියෙනවා. ඒ වගේම තමයි වෙන භාෂාවකින් කියන දෙයක් තේරුම් ගන්නත් මට ඒ තරම්ම අමාරු නෑ.
“හැබැයි හින්දිවලින්නම් මට සින්දු කියන්න ඇත්තටම ටිකක් කල් යයි. කවුරුහරි මට ආරාධනා කළොත් හින්දි සින්දුවක් කරන්න කියලා, මං ඒක කරයි”
අවුරුදු 39 ක් වන ෂෝන් පෝල් කියලා තියෙන්නේ ඒ විදිහටයි.
මේ දවස්වල ඉන්දියාවේ නොයිඩා, මුම්බායි හා බැංගලෝර් යන ප්‍රදේශවල සංචාරයේ නිරත වෙන ෂෝන් පෝල් හින්දි සින්දුවක් කියන්න ආසාවෙන් ඉන්නවා කියලායි එයාගේ කතාවෙන්නම් තේරෙන්නේ. බලමු ඉතින් ෂෝන්ගේ අහිංසක ආසාවට ඉඩක් ලැබෙයිද කියලා.
Joyce
March 29, 2013 at 11:05 am
Apapetrnly this is what the esteemed Willis was talkin’ ’bout.