හොලිවුඩ්

සමලිංගික අයිතිවාසිකම්වලට පෙනී සිටි පෙනීට නම්බු නාමයක්

සමලිංගික අයිතිවාසිකම් සඳහා පෙනී සිටීම වෙනුවෙන් මෙදා සැරේ ගෞරවයට පාත්‍ර වෙලා තියෙන්නේ ගායිකාවක් වන කේටී පෙරීයි. අමෙරිකාවේ පිහිටා ඇති සියදිවි නසා ගැනීම වැළැක්වීම වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් විසින් කේටී පෙරීගේ ක්‍රියා කලාපය ඇගයීමක් ලෙස මේ ගෞරවය ලබා දෙන බවයි ආරංචි වුණේ.

තවමත් 28 වන වියේ පසුවන කේටි පෙරී ලාභයක් අපේක්ෂා නොකරන ව්‍යාපෘතික කණ්ඩායමක් මේ වෙනුවෙන්ම ඇති කරලා තියෙනවා. ඒකේදී සමලිංගිකයින්, සමලිංගික සේවනය කරන කාන්තාවන්, ද්විලිංගිකයින් වගේ අය වෙනුවෙන් පෙනී ඉන්නවා. මේ නිසාම ඒ අයගේ වීර චරිතය වෙලා තියෙන්නේත් කේටි පෙරීම තමයි.

දෙසැම්බර් මාසේ 2 වනදා හොලිවුඩයේ තියෙන සාදයක දී ඇඩම් ෂැන්ක්මන් පෙරීට මේ නම්බු නාමය දෙනවා කියලයි ආරංචි වුණේ. මට කලින් ලේඩි ගාගා, ඩැනියෙල් රැඩ්ක්ලිෆ් හා සුසාන් සැරන්ඩන් කියන අය මේ නම්බු නාමයෙන් පිදුම් ලබලා තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!