හොලිවුඩ්

බියොන්සේ ඔබාමාට කඩේ යයි

බටහිර පොප් රැජිණක් වන බියොන්සේ අලුත් වැඩකට අතගහලා කියලා ආරංචියි. කලාකරුවන්ට දේශපාලනය යුතු නෑ කියලා සමහරු කිව්වට දැන් දැන් එළියට බහින කලාකරුවෝ හැමෝම දේශපාලනයට කොහෙන් හරි රිංගනවානේ.

මේත් ඒ වගේ වැඩක්ම තමයි. බියොන්සේ දේශපාලනයට ගිහින් නම් නෑ. ඒත් බියොන්සේ වත්මන් අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ නම සටහන් වුණ කරාබු දෙකක් දාගෙන ඉන්නවලු. ඒක ඉතින් පොඩි පහේ දේශපාලන ප්‍රචාරණයක් නෙමෙයිනේ. මොකද ජනප්‍රිය චරිතයක් වුණාම ඔය වගේ පුංචි දෙයක් කරාම හොඳටම ඇතිනේ.

නොවැම්බර් 6 වෙනිදා පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රචාරණයට බැජ්, ටී ෂර්ට් වගේම අයි ෆෝන්ස් අරගෙනත් සමහරු බැරැක් ඔබාමාට සහය දෙනවලු.

පහුගිය සෙනසුරාදා තමයි බියෝන්සේ මේ විදිහට බැරැක් ඔබාමාට කඩේ ගිහින් තියෙන්නේ. කොහොම හරි ඉතින් මේ වැඩෙන් ඔබාමාගේ නම තියෙන කරාබු විකිණිල්ලට නම් හොඳ හැටි ජය පාටයි. බියොන්සේගේ මේ වැඩෙත් එක්ක ඒ කරාබුවලට ලොකු ඉල්ලුමක් ඇවිත්ලු. මේ වෙද්දි ඒ කරාබු 1300 ක් විතර විකිණිලා කියලායි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

කොහොම වුණත් ඉතින් බියොන්සේ කියන්නේ මෙදා සැරේ අමෙරිකානු ජනාධිපතිවරණයේ දී බැරැක් ඔබාමා වෙනුවෙන් සහය දෙන කෙනෙක් කියලයි අපිට නම් ආරංචි වුණේ. කලාකාරයෝ තමන්ගේ ප්‍රසිද්ධිය පළිහ කරගෙන දේශපාලඥයින්ට කඩේ යන එක ගැනනම් දෙපාරක් හිතන්න වටිනවා කියලා ඔයාලට හිතෙන්නේ නැද්ද?

3 Comments

3 Comments

  1. Grace

    November 14, 2012 at 9:23 am

    Your’s is a point of view where real inteillgence shines through.

  2. Pharmc351

    February 22, 2013 at 3:06 am

    Hello! edfdggf interesting edfdggf site! I’m really like it! Very, very edfdggf good!

  3. Pharmb952

    February 22, 2013 at 3:06 am

    Hello! gebafda interesting gebafda site! I’m really like it! Very, very gebafda good!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!