සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ රියදුරා බව කියන රාජේන්ද්‍ර කුමාර් ගජේන්ද්‍රන් හෙවත් පින්තු මිස්රා (34) බාලවයස්කාර දැරියක (17) හෝටලයකට රැගෙන ගොස් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම දැරිය බොලිවුඩ් නිළියකගේ නිවසේ මෙහෙකාරියක් බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.
ඉන්දියාවේ දුෂ්කර ප‍්‍රදේශයක් වන ලාටූර් ප‍්‍රදේශයේ සිට මුම්බායි නුවරට අදාළ දැරිය රැකියාව සඳහා පැමිණ ඇත්තේ මීට මාස 5 කට පමණ පෙරය.
ෂාරුක් ඛාන්ගේ නිවසේ ඉහළ වැටුපක් සහිත රැකියාවක් දෙන බව පවසා පසුගිය 20 වනදා සැකකරු විසින් දැරිය හෝටලයකට රැගෙන ගොස් මෙම අතවරය සිදුකර කාටවත් නොකියන ලෙසට තර්ජනය කර ඇති බව පැවසේ.
එහෙත් එම දැරිය තනිවම මුම්බායි වෙත පැමිණ පොලීසියට පැමිණිල්ලක් කර ඇති අතර ඒ අනූව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
