බොලිවුඩ්

අතවර කරල‍ා මදිවට පච්චත් කොටලා

තමන්ව දුෂණය කළ දුෂකයා තමන්ට පහර දී සිය නම සිරුරේ   කොටා ගන්නා ලෙස තර්ජනය කළ බව  එංගලන්ත කාන්තාවක් පවසනවා.

 

 

43 හැවිරිදි මයුරීන් ග‍්‍රීන් නැමති මෙම කාන්තාව ගේ පසුපස ප්‍රදේශයේ  සහ පපුවේ දුෂකයාගේ නම බලහත්කාරයෙන්  පච්ච කොට තිබේ.

 

 

ජෝන් වෝකර් නැමති මෙම  පුද්ගලයා වසර කිහිපයක් තිස්සේ තමන්ව තබාගෙන දුෂණය කළ බවත් ඒවා හෙළිදරව් කළ හොත් මරා දමන  බවටත් තර්ජනය කළ බව කියයි.පසුව ඔහුගේ බලහත්කාරය මත තමන් ඔහුගේ නම පච්ච කොටාගත් බවත් එක් පච්චයක් ප‍්‍රමාණයෙන් විශාල නොවන නිසා ඔහු යළිත් පහර දුන් බව මෙම කාන්තාව කියා සිටියි.

 

 

මෙම පුද්ගලයා ප‍්‍රකට ස්ත‍්‍රී දුෂකයෙක් බවත් ඔහු තවත් කාන්තාවන් 5  දෙනෙකු දුෂණය කර ඇති බවත් හෙළිව තිබේ.

 

 

පසුව මෙම පුද්ගලයා අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර ඔහුට එංගලන්තයේ ග්ලාසෝ අධිකරණය මගින්  වසර 10ක සිර දඩුවමක් ලබාදී තිබේ.

 

g2g3g4

g6

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!