Gossip

ශකීරාගේ දෙවැනි එකත් එළිදක්වයි….

ලෝක ප්‍රසිද්ධ පොප් ගායිකාවක් වන ශකීරා(Shakira)  ගියවර පැවති  ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ නිල ගීතය ගායනා කර මුළු මහත් ලෝකයේම තව තවත් ආදරය දිනාගත් ගායිකාවක්නේ.

ඉතින් දැන් ලැබෙන තොරතුරු අනුව අපිට දැනගන්න ලැබෙන්නේ මෙවර පැවැත්වීමට නියමිත ලෝකු කුසලාන පාපන්දු තරඟාවලියේ නිල ගීතයද නිර්මාණය කර ඇය විසින්  ගායනා කිරීමට සුදානමින් සිටින බවයි.

2010 වර්ෂයේ පැවති ‍ ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ “වකා වකා” ලෙස නම් කරන ලද ගීතය ලෝකයේ මිනිසුන් ඉතා ඉක්මනින් වැළඳ ගන්නා ලදී‍.

මෙවර නිර්මාණය කරන ලද ගීතය “ලා ලා ලා” ලෙස  නම් කර ඇති අතර එය ශකීරා විසින්ම නිර්මාණය කරන ලද්දක් බව වාර්තා වෙයි.

මෙම ගීතය සඳහා ශකීරාගේ ‍දරුවෙකුද ගායනයෙන් එක්වීම සුවිශේෂී සිදුවීමකි.

ශකීරා විසින් ගායනා කරන ලද 2010 ලෝක කුසලාන පාපන්දු තරඟයේ නිල ගීතය පහතින්.

1 Comment

1 Comment

  1. KazNMU

    September 24, 2015 at 8:08 am

    Really enjoyed this post. Really Great.

Leave a Reply

Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!