Gossip

වෙසක් සහ පොසොන් පොහොයට තොරණ ප්‍රදර්ශනය කරන්න බැහැ – ආසාවෙන් බලන්න යන වෙසක්, පොසොන් තොරණ මෙදා සැරේ තහනම්

වෙසක් සහ පොසොන් පොහොය දිනයට කවුරුත් බලාගෙන ඉන්නේ කොහේ හරි දුර පන්සලකට ගිහින් රෑ වෙලා තොරණක් එහෙම බලලා එන්න.
ඒත් මේ පාරනම් ඒ වැඩේ කරන්න වෙන්නේ නෑ.
ඒකට හේතුව තමයි වෙසක් සහ පොසොන් පොහොය දිනවලදී තොරණ ප්‍රදර්ශනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන්න බුද්ධ ශාසන අමාත්‍යාංශය පියවර ගෙන තිබීම.
බෞද්ධයන්ගේ වැදගත්ම පොහොය දිනයක් වන වෙසක් සහ පොසොන් පොහොය දිනවල තරුණ පිරිස් පන්සලේ රැදී නොසිටීම මේකට හේතුව කියලයි බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
මෙම පෙහොය දිනවලදී වැඩිහිටි කිහිප දෙනෙකු පමණක් ආගමික වතාවත්වල නිරතවන නිසාත් අඩු පිරිසක් පන්සලේ රැදී සිටින නිසාත් සියලු තොරණ පොහොය දිනයට පසුදින ප්‍රදර්ශනය කරන ලෙසට දැනුම් දී තිබෙනවා.
අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ විශ්‍රාමලත් ගුරු උපදේශක ශාස්ත්‍රපති ගල්වෙහෙර විමලසිරි හිමියන්ට අක්ත පත්‍ර ප්‍රදානය කිරීම නිමිත්තෙන් පැවති උත්සවයකදී බුද්ධ ශාසන අමාත්‍යවරයා මේ බව පවසා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!