බොලිවුඩ්

විවේක් මල්ලිකාගේ අලුත් ආදර අන්දරය

“කිස්මත් ලව් පෙයිසා දිල්ලි” ආදර අන්දරය විවේක් ඔබරෝයි හා මල්ලිකා ෂෙරාවත් එක්කයි ගෙතිලා තියෙන්නේ.අනුෂ්මන් ජා, අෂුතෝෂ් රනා, නවීන් කෞෂික්, බොබ් වාස්තා කියන අයත් මේ චිත්‍රපටියේ ඉන්නවා කියලයි ආරංචි වුණේ.

කොහොම කොහොම හරි දිල්ලි පැත්තෙන් කුලියට ගන්න ගෙයක් හොය හොයා හිටපු විවේක්ට අමිත් චන්ද්‍රාගෙන් තෑග්ගක් විදිහට ගෙයක් හම්බවෙලා තියෙන්නෙත් මේ චිත්‍රපටියෙන්ම තමයි. විවේක්ට හමුබවුණ සුපිරි තෑග්ග වගේම  “කිස්මත් ලව් පෙයිසා දිල්ලි” ගැන කතාවුණ තවත් මාතෘකාවක් තියෙනවා.

ඒ තමයි මල්ලිකා ෂෙරාවත්ගේ මේක්-අප් වියදම. චිත්‍රපටියට මල්ලිකා ෂෙරාවත්ගේ මේක්-අප් ටිකට විතරක් ලක්ෂ 60 ක් වියදම් වෙලාලු. මෙච්චර වියදම් කරලා හදලා තියෙන චිත්‍රපටිය නිෂ්පාදනය කරලා තියෙන්නේ අමිත් චන්ද්‍රා, රෙෂ්මා චන්ද්‍රා එක්ක ක්‍රිෂන් චෞද්‍රි කියන කට්ටියම එකතුවෙලයි.

කට්ටියක් එකතුවෙලා නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය සන්ජේ කන්දුරිගෙන්. මේ චිත්‍රපටිය ඔක්තෝම්බර් 5 වනදා තිරගතවෙනවා කියලයි අපිට ආරංචි වුණේ.

විවේක්ට අරන් දීපු ගෙදරටයි මල්ලිකාගේ මේක්-අප්වලටයි ගිය වියදම්වලට නිෂ්පාදකයින්ට සාධාරණයක් ඉෂ්ට වෙලාද කියලා දැනගන්න වෙන්නේ නම් ඉතින් චිත්‍රපටිය තිරගත වුණාටම පස්සේ තමයි.

7 Comments

7 Comments

  1. Belen

    October 12, 2012 at 6:22 pm

    I’m so glad that the internet aollws free info like this!

    • Renata

      November 14, 2012 at 7:42 pm

      You Sir/Madam are the enemy of confusion eevrywhere!

      • Paul

        December 20, 2012 at 2:10 am

        That’s a well-thouhgt-out answer to a challenging question

        • Nathalie

          March 26, 2013 at 10:50 pm

          I just hope whoever writes these keeps wtriing more!

      • Emre

        March 29, 2013 at 4:04 pm

        Normally I’m aaginst killing but this article slaughtered my ignorance.

  2. buy social bookmarks

    April 20, 2013 at 2:11 am

    UxOS2I A big thank you for your article post.Really thank you! Cool.

  3. Hui Cocker

    April 26, 2013 at 9:13 pm

    Very fascinating points you might have celebrated , thankfulness for putting up.

Leave a Reply

Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!