Gossip News

විදුලි මෙනුවට අත තැබූ මාස 08 ක් වයසැති දරුවා විදුලි සර වැදී මරුට

දොම්පෙ පොලිස් වසමේ වානළුවාව ග‍්‍රාමයේ දෙමව්පිය සෙවනේ වැඩුනු තුෂාන් තෂ්මික නමැති මාස 08 ක් වයසැති දරුවා එම නිවෙස තුළ විදුලි පංකාවක් සඳහා බිත්තියේ සවි කර තිබූ විදුලි මෙනුවට අත තැබීමෙන් විදුලි සර වැදී මරුමුවට පත්ව ඇත.

මවගෙන් කිරි බීමෙන් අනතුරුව එම දරුවා බිම දිගේ බඩගාගෙන ගොස් එම ස්ථානය අතගෑමෙන් මෙම අනතුර සිදුව ඇත. මෙම අවස්ථාවේ දරුවාගේ මව ඇගේ මව සමඟ ඒ ආසන්නයේ කතා බහක යෙදී සිට ඇති අතර විදුලි පංකාවේ වයරය බිම වැටෙන ශබ්දය ඇසී එම ස්ථානයට දුව ගොස් බැලීමේදී දරුවා අනතුරකට ලක්වී ඇති බව දුටු ඇය වහා දරුවා ඔසවා ගැනීමට තැත් කළ අවස්ථාවේදී ඇයට ද විදුලි සර වැදී ඇත. පසුව ප‍්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව දරුවා දොම්පෙ රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් තිබිණි.

දරුවාගේ හදිසි මරණ පරීක්ෂණය දොම්පෙ හදිසි මරණ පරීක්ෂක ජගත් ශ‍්‍රීලාල් මහතා විසින් සිදු කොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය ගම්පහ රෝහලට ගෙන යන ලෙස දොම්පෙ පොලිසියට උපදෙස් දෙන ලදී.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!