Gossip News

රෝගියකු වගේ ඇවිත් වෛද්‍යවරයාගේ මුදල් ආභරණ කොල්ලකාලා…

මතුගම වෑත්තෑව රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා විසින් කළුතර – මතුගම පාරේ පවත්වාගෙන යන පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට පෙරේදා

(2) දා රාති‍්‍ර 9.50 ට පමණ පැමිණි පුද්ගලයකු ගිනි අවියක් පෙන්වා බිය ගන්වා වෛද්‍යවරයා පැළඳ සිටි රුපියල් ලක්‍ෂ 6 ක් වටිනා රන් ආභරණද, රුපියල් 53000 ක මුදලක්ද පැහැරගෙන යෑමේ සිද්ධියක් පිළිබඳව මතුගම පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

වෛද්‍ය අනුර හෙට්ටිආරච්චි මහතා විසින් කරන ලද පැමිණිල්ල අනුව මේ පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

පෙරේදා රාති‍්‍රයේ අවසාන රෝගියා වශයෙන් වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණ ඇති සැකකරු මුව ආවරණයක් සහ වැහි කබායක් පැළඳ සිට ඇති බවත් එම වැහි කබායේ ‘පොලිස්’ යනුවෙන් සඳහන්ව තිබී ඇති බවත් පොලිසිය කියයි.

මෙම අවස්ථාවේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ආරක්‍ෂක කැමරා පද්ධතිය අකිී‍්‍රය වී තිබී ඇති අතර සැකකරු ගිනි අවිය පෙන්වා වෛද්‍යවරයා බිය ගන්වා ඔහු පැළඳ සිටි රන් මාලය සහ අත්පළඳනාව ද, මුදල් ද පැහැරගෙන පලාගොස් ඇත.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි කපිල පේ‍්‍රමදාස යන මහත්වරුන්ගේ උපදෙස් මත මතුගම මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක පරාක‍්‍රම උඩවත්ත මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.
 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!