සඳ මතුපිටට කිලෝමීටර 2.1 ක් තිබියදී වික්‍රම් ගවේෂණ යානය සහ පෘථිවිය අතර සබඳතා ඊයේ බිඳ වැටුණා.
චන්ද්‍රයාන් – 02 අභ්‍යාවකාශ මෙහෙයුම යටතේ ඉන්දියාව සඳ මතුපිටට ගොඩබැස්සවීමට උත්සාහ කිරීමේදී සන්නිවේදනය බිඳ වැටුණු වික්‍රම් ගවේෂණ යානය සමඟ යළි සබඳතා ඇති කරගැනීමේ උත්සාහය ඉන්දියාව මෙතෙක් අතහැර නැහැ.
ඉන්දීය අභ්‍යවකාශ ගවේෂණ සංවිධානයේ සභාපති කේ. සිවන් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ වික්‍රම් ගවේෂණ යානය සමඟ සබඳතා ඇතිකරගැනීම සඳහා ඉදිරි දින 14 දී තවදුරටත් උත්සාහ දරණ බවයි.