වාරියපොළ බස් නැවතුමේදී තරුණයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව මෑතකදී ජනප්‍රිය චරිතයක් බවට පත්වූ වාරියපොළ තිළිණි ඉමල්කා යළිත් තරුණයෙකුගේ හිංසාවට ලක්වූ පුවතක් වාර්තා වේ.
ඒ කුරුණෑගල බස් නැවතුමේදීය. පෙරේදා තමාගේ අතින් තරුණයෙකු ඇද්ද බවට ඇය පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනූව පොලීසිය විසින් සැකපිට තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල, පොල්ලත්තාපිටිය ප‍්‍රදේශයේ පදිංචිව සිටින බව කියන 17 හැවිරිදි තරුණයෙකි.
තමන් ගෝනගම සිට පැමිණි බසයක එම තරුණයා ද සිටි බවත්, බසයෙන් බැස ප්‍රධාන බස් නැවතුමට පැමිණි විට එකී තරුණයා තමගේ අතින් ඇද්ද බවටත්, ඉමල්කා තරුණිය විසින් පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්ය. ඒ අනූව සැකකාර තරුණයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
