ශ්රී ලංකා ව්යාපාරික සඟරාව වන එල් එම් ඩී විසින් ඔවුන්ගේ වසරේ ශ්රී ලාංකික සම්මානය සදහා කුමාර් සංගක්කාර තොරගන තිබෙන බවට වර්තා වෙනවා.
වාර්ෂික සම්මානය දෙවන වරක් දිනාගත් දෙවන ශ්රී ලාංකිකයා බවට ශ්රී ලංකා ටෙස්ට් නායක කුමාර් සංගක්කාර පත්වී ඇති බවට ලෝඩ්ස් පදනම් කරගත් මෙල්බර්න් ක්රිකට් සමාජය පවසනවා. එහි පළමු ශ්රී ලාංකිකයා ලෙස පත්ව තිබුනේ ලක්ෂ්මන් කදිර්ගමාර් මහතායි.
මීට පෙර සංගක්කාර පළමු විදේශිකයා ලෙස මෙල්බර්න් ක්රිකට් සමාජයේ සභාපති ලෙස මෑතකදී පත්වීම තවත් විශේෂත්වයක් වනවා.
කුමාර් සංගක්කාර දශකයක් සහ ඊට වැඩි කාලයක් ශ්රී ලංකාවේ ප්රමුඛතම සන්නාම තානාපතිවරයෙකු ලෙසත් ශ්රී ලාංකික හදවත් තුළ ඉතා ආදරයෙන් රැදුනු චරිතයක් වී ඇති බවට ද එම සඟරාවේ සදහන් වෙනවා.
