මීට වසරකට පෙර මියගිය කලා ශිල්පියෙකුට අගමැති රනිල් වික්රමසිංහ මහතා විසින් උපන් දින සුබ පැතුමක් යවා තිබෙනවා.
ප්රවීන කලා ශිල්පී සුනිල් විමලවීර මහතාට මෙම සුබ පැතුම යවා ඇති අතර ඔහු 2016 වසරේ දෙසැම්බර් මස ජීවිත ගමනින් සමුගත්තා.
පසුගිය අගෝස්තු මස 23 වැනි දිනට සුබ පතමින් අගමැති රනිල් වික්රමසිංහ මහතා විසින් මෙලෙසට සුභාශිංෂන එක්කර ලිපිය යවා තිබූ අතර සුනිල් විමලවීර මහතාගේ දියණිය වන අභිශේකා විමලවීර සිය මුහුණුපොතේ මෙලෙස සටහනක් තබා තිබුණා.
එම සටහන පහතින්,
“තාත්තා මියගොස් වසර එකහමාරකි.
කුමක් කියන්නදැයි නොදනිමි.
ලංකාව අරුම පුදුම රටකි.
එය ඉන්දියන් සාගරයේ අමුතු ඇටයයි.
ඔහු තවමත් අපේ ලෝකය තුළ ජීවමාන බැවින් ස්තූතිය පළ කරමි!
ප.ලි
මෙය දේශපාලන විවේචනයක් නොව මානුශීය ප්රකාශයක් බව සලකන්න.”
– අභිශේකා විමලවීර-
අග්රමාත්යවරයා විසින් යැවූ ලිපිය පහතින්…
