ප්‍රකට ජ්යොතිෂ්යඥ නාත්තන්ඩියේ පී ඩී පෙරේරා මහතා හදිසියේ සියදිවි නසාගෙන තිබෙන බව වාර්තා වනවා.
ලංකාවේ නමගිය දේශපාලනඥයින් රැසකගේ හඳහන් පරීක්ෂකයකු ලෙස කටයුතු කළ ඔහු පුවත්පත්වල පලාපල විස්තර පළකිරීම නිසා ප්‍රසිද්ධියක් ඉසිලූ අයෙකි.
72 හැවිරිදි පෙරේරා මහතා මීගමුව කට්ටුව දුම්රිය ස්ථානයට ආසන්න දුම්රිය මාර්ගයේ වාඩිවී සිට හලාවත සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියකට පැනීමෙන් ජීවිතය අහිමි කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මියයාමට හේතුවූ කරුණු තවම පැහැදිලි නොවන නමුත් ආර්ථික ප්‍රශ්න උත්සන්න වීමෙන් ඇතිවූ කල කිරීම නිසා මෙවැන්නක් කරගන්නට ඇති බව මරණ පරීක්ෂණයේදී ලබාදී තිබෙන සාක්ෂි වලින් අනාවරණයවී ඇති අතර ඔහු අධික ණය බරකින් පීඩා වින්ද බවත් ණය දුන් අය ඔහුට නිරන්තර කරදර කරමින් සිටි බවත් පවුලේ අය එහිදී පවසා තිබෙනවා.
පසුගිය කාලයේ දේශපාලන පෙරළි ගැන රටේ විවිධ ජ්‍යොතිෂ්‍යවේදීන් පළකළ අසාර්ථක අනාවැකි හේතුවෙන් මෙම වෘත්තීය ක්ෂෙත්රය පිරිහීමට ලක්වූ අතර ව්‍යාපාරික වශයෙන් වැඩි දෙනෙකුට පාඩුද සිදුවිය. පීඩී පෙරේරා මහතා ජ්‍යොතිෂ්‍ය සංගම් සමග එක්ව මෙම වෘත්තීය ගැටලු ගැන මාධ්‍ය සාකච්ඡාද පැවැත්වූ අයෙක්.
