බංග්ලාදේශ කණ්ඩායමේ කඩාවැටුණු ක්‍රිකට් ගොඩගත්තේ චන්දික හතුරුසිංහ කියන එක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයි.
හැබැයි දැන් ලංකාව වැටිලා ඉන්නේ මීට පෙර බංග්ලාදේශ වැටිලා හිටිය තැනටමයි.
එක්සත් එමීර් රාජ්‍යයට පවා පරාජය වුණු බංග්ලාදේශය පසුව ඉන්දියාව, එංගලන්තය පරද්දන තැනට ගේන්න හතුරුට පුළුවන් වුණා.
ඒ නිසාම හතුරුසිංහව ලංකාවේ පුහුණුකරු විදිහට ගත්තේ ලොකු විශ්වාසයක් එක්ක.
දැන් බංග්ලාදේශය නව පුහුණුකරුවෙක් සොයමින් තමයි ඉන්නේ.
මේ වෙද්දී 6 දෙනෙක්ගේ නම් බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට යෝජනා වී තිබෙන බව වාර්තා වනවා.
එ් අතර ඉහළින්ම තියෙන නමක් තමයි ලංකාවේ හිටපු සුපිරි ක්‍රීඩකයෙක් වුණු මහේල ජයවර්ධන.
මහේල ලංකාවේ ප්‍රධාන පුහුණුකරු විදියටත් ගන්න පහුගිය දවස්වල කතා වෙද්දි තිලංග සුමතිපාල පවසා තිබුණේ මහේල තවමත් ලාබාල වැඩියි කියලයි.
හැබැයි මහේලට IPL වලදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු විදියට ශූරතාවය දිනාදෙන්නත් පුළුවන් වුණා.
මේ හැමදේකින්ම පේන දෙයක් තමයි බංග්ලාදේශයට ලංකාව නැතිව ඉදිරියට යන්න බැහැ කියන කාරණය.
ඉතිං හතුරුසිංහව ගත්තු පලිය ගන්න මහේලව බංග්ලාදේශ පුහුණුකරු විදිහට ගනීවි කියන එක හුඟ දෙනෙකුගේ මතයයි.
