මෝටර් රථ ප්රවාහනයට යොදා ගන්නා ලොව විශාලතම නෞකාව ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.
ඒ අනුව ලබන මාර්තු මස මුල් සතියේදී එය හම්බන්තොට වරායට පැමිණීමට නියමිතයි.
එම නෞකාව මුම්බායට හා චෙන්නායි වරායට පැමිණීමෙන් පසු ශ්රී ලංකාවට පැමිණෙනවා.
මෙම නෞකාවෙන් එක්වරකට මෝටර් රථ 8500ක් ප්රවාහනය කළ හැකියි.
ඒවගේම මේ නෞකාව පාපන්දු පිටි 10ක් පමණ විශාල බවයි සැලකෙන්නේ.