රටින් පැන පැන යෑමට සූදානම් වෙමින් සිටියදී පොලිසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවකින් ඊයේ (24 )දා රාත්රියේදී ඝාතනයට ලක්වූ ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන දේවමුණි හැරල් රෝහණ ද සිල්වා හෙවත් ‘ගොනාකෝවිලේ රොහා” නමැති පුද්ගලයාගේ මෘත දේහය තැන්පත් කර තිබෙන නිවසට අවසන් ගෞරව දැක්වීම සඳහා යන ඕනෑම කෙනකු මරා දමන බවට ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කුඩු අංජු නොහොත් අමල් සිංහාර ද සිල්වා නමැති පුද්ගලයා තම facebook ගිණුම හරහා සටහනක් තබා දන්වා ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
කුඩු අංජුගේ පාතාල කල්ලියේ සාමාජිකයන් හා කුඩු රෝහාගේ පාතාල කල්ලියේ සාමාජිකයන් අතර කලක පටන් ඇති ආරවුලක් හේතුවෙන් විටින් විට එම කල්ලි දෙකේ සාමාජිකයන් ඝාතනයට ලක්වූ බවත් දැනට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් කුඩු අංජු නමැත්තා අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බැවින් ඔහු ඉතාලි රටට පැන ගොස් සැඟව සිටින බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ඝාතනයට ලක්වූ ගොනාකෝවිලේ රොහාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රතිවිරුද්ධ කල්ලියේ නායකයා වන කුඩු අංජු ඉතාලියේ සිට සිය සතුට පළ කරන බවත් මිය ගිය රොහාගේ අවසන් කටයුතුවලට සහභාගි වන සියල්ලන්ව මරා දමන බවත් අංජු සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සඳහන් කර ඇත.
රොහාගේ මළ සිරුර රත්මලාන ප්‍රදේශයේ ඔහුගේ පදිංචි නිවසට රැගෙන නොඑන ලෙසත් මෘත දේහය රෝහලේදී අවසන් කටයුතු කළ යුතු බව ද එම පාතාල නායකයා සඳහන් කර තිබෙනවා.
රොහාව ඝාතනය කරන ඕනෑම කෙනෙක්ට රුපියල් කෝටි 3 ක මුදලක් ලබාදෙන බවද අමල් සිංහාර ද සිල්වා නොහොත් කුඩු අංජු තම ෆේස්බුක් ගිණුමේ සටහනක් මීට පෙර සඳහන් කර තිබූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
