Gossip

කෝලිගේ නම සිම්රන්ජීත් සිං වෙයි

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලිගේ නිල ට්විටර් ගිණුමෙහි නම සිම්රන්ජීත් සිං යනුවෙන් වෙනස් කිරීමට ඔහු පියවරගෙන තිබේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් සමගින් පැවැත්වීමට නියමිතව තිබුණු තරගයේදී කෝලි අදාළ නම සඳහන් ජර්සිය ඇඳ තරග වැදීමටද නියමිතව තිබුණි.

සිම්රන්ජීත් සිං කොරෝනා වයිරසයෙන් පීඩා විඳින ඉන්දීය ජනතාව වෙනුවෙන් ආධාර එකතු කළ ශ්‍රවණාබාධිත පුද්ගලයෙක් වේ. සිම්රන්ජීත් සිං ඔහුගේ මිතුරන් හා එක්ව ඒ අයුරින් ඉන්දීය රුපියල් 98,000 ලබා දී තිබේ.

විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලේනජර්ස් බැංගලෝර් කණ්ඩායම මෙවර තරගවාරය ආරම්භක අවදියේ පටන්ම ‘මගේ කොවිඩ් වීරයෝ’ යනවැකියට වටිනාකමක් දෙමින් කටයුතු කරන ලදී. ඒ හේතුවෙන් සිම්රන්ජීත් සිංගේ නම කෝලි විසින් සිය ජර්සියේ සටහන්කර තිබෙන අතර ඊයේ තරගයෙන් පසුව එම ජර්සිය ප්‍රසිද්ධ වෙන්දේසියේ තබා ඉන් අයවන මුදල් කොරෝනා අරමුදලක් සඳහා බැර කෙරේ.

ඒ අයුරින් ඒ.බී. ඩිවිලියර්ස්, ඩේල් ස්ටේන්, උමේෂ් යාදෙව්, යුශ්වෙන්දර් චාහාල්, පාර්තිව් පටෙල් ඇතුලු ක්‍රීඩකයින් බහුතරයක් සිය ජර්සියේ කොවිඩ් වීරයන්ගේ

නම් සඳහන් කරගෙන තිබුණි. නමුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරන ඉසුරු උදාන එසේ ජර්සියේ නම වෙනස් කරන බවට සඳහනක් නොවීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!