Gossip

”කවීව මුලින්ම හඳුනාගත්තේ ෆේස් බුක් එකෙන්, ඊට පස්සෙ මම එයාව බලන්න ඇමරිකාවට ආවා”

මේ දිනවල කලා ලොවේ විවාහ උත්සව ගණනාවක් තිබ්බා. ඒ වගේම ඉදිරියට විවාහ වෙන්න ඉන්න අය ගැනත් කතාබහට ලක්වෙනවා. මේ අතරේ අපේ රටේ සම්මානිත ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඩිලානී අබේවර්ධනගෙ දුව කවීෂා කාවින්දි නිව්යෝර්ක් වලදී බ්‍රයිට් ටු බී එක තියලා. කවීෂා විවාහ වෙන්න යන්නෙ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය එක්ක. ඇමෙරිකාවේ ඉදන්ම දෙදෙනා පිනිපලසට කතා කළා. මුලින්ම එක් වුණේ ශෙහාන්

කොහොමද ජීවිතේ?

හොඳයි මේ දවස් ටිකේ විවේකයෙන් ඉන්නවා.

අවුරුදු හතරක් තිස්සෙ තිබුණ ආදරේ එක්ක ජීවිතේ වෙනසක් වෙන්නනේ යන්නෙ?

ඔව් අපි දෙන්නා ආදරය කරන්න පටන් අරන් අවුරුදු හතරක් වුණා. දැන් ඉතින් විවාහය රෙජිස්ටර් කරන්න හොඳ කාලය කියලා හිතුවා. ඉතින් විවාහ ගිවිස ගැනීම අමරිකාවෙ කරන්න හිතුවෙ කවීගෙ දෙමාපියන් සහ කවීගෙ යාළුවො ගොඩක් ඉන්නෙ මෙහෙ නිසා.

කවීෂාව මුලින්ම හමුවුණේ කොහෙදිද?

කවීව මුලින්ම හඳුනාගත්තේ ෆේස් බුක් එකෙන්, ඊට පස්සෙ මම එයාව බලන්න ඇමරිකාවට ආවා. මම එනකම් එයා එයාර්පෝර්ට් එකේ හිටියා. ඉතින් ඇමරිකාවේ එයා පෝර්ට් එකේදි තමා කවීව හැබැහින් මුලින්ම දැක්කෙ.

කවදා හරි නිළියක් විවාහ කරගන්න ඕනෙ කියලා හිතුවද?

එහෙම එකක් කවදාවත් ම හිතේ තිබුණේ නැහැ. ඇත්තටම කවී නිළියක් කියලා දැන ගත්තේ පස්සෙ. මට එයා හොඳයි කියලා හිතුන නිසා දිගටම කතාබහ කළා.

දෙන්න දෙපැත්තක නිසා ආදරේ දී ප්‍රශ්න ආවේ නැද්ද ?

දෙපැත්තේ හිටියා කියලා එහෙම ලොකූ ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද අපි දෙන්න හැමතිස්සෙම කතා කරනවා. උදේ නැගිට්ට ගමන් අපි කතා කරනවා. රටවල් දෙකේ වෙලාවේ ප්‍රශ්නය තමා තිබ්බේ. පැය දහයාමාරක වෙනසක් තියෙනවා. ඉතින් ඒ වුණාට පුළුවන් හැම වෙලාවෙම කෝල් එකේ තමා හිටියේ.

කවීට හිත ගියේ ඇයි…

එයා පොඩ්ඩක් නිහඬ චරිතයක්. හුඟාක් හොයලා බලනවා. ඒ වගේම එයාගෙ ගතිගුණ සහ කතාකරන විදිය නිසා තමා මම හුඟාක් කැමැති වුණේ.

වෙඩින් එක ගන්න ඉන්නෙ කොහෙද?

ලංකාවෙ තමා වෙඩින් එක තියන්න බලාපොරොත්තු වෙන්නෙ. කවීගෙ වුණත් අම්මාගෙ තාත්තාගෙ පවුලේ අය ඉන්නෙ ලංකාවෙ. ඒ වගේම මගේ දෙමාපියන් ඉන්නෙ ලංකාවෙ. අනික විවාහ ගිවිස ගැනීමට පවා මගේ දෙමාපියන්ට එන්න බැරි වුණා.

මේ දවස් වල ක්‍රිකට් වලින් විවේකයක් ලැබිලා වගේ…

ඔව්, මේ දවස් වල විවේකයක් ලැබිලා තියෙනවා. ෆර්ස්ට් ක්ලාස් සීසන් එක දැනට සති දෙකකට කලින් විතර ඉවර වුණ නිසා මාසයක විතර නිවාඩුවක් තියෙනවා. ඒ නිසා තමා මෙහෙට ආවේ කවීවත් බලලා ඉදිරි වැඩ කටයුතු කරගන්න. ඔක්තෝබර් 22 වගෙ ක්ලබ් T 20 තරගයක් පවත්වන්න සූදානමක් තියෙනවා. ඒක ට සහභාගි වෙන්න තමා ඉන්නෙ.

කවී ශෙහාන් ඉන්න තරග බලනවද?

මම ඉන්න හැම තරගයක්ම බලන්නෙ නැහැ. මොකද එයා බයයි. ඒ නිසා අම්මටයි තාත්තාටයි බලන්න කියලා එයාල කියන එකක් අහගෙන ඉන්නවා.

දෙන්නගෙම උපන් දිනේ එකම මාසේ එකම දවසේ. ඒකත් හොඳයි නේද?

ඒක හිතාගන්න බැරි දෙයක්. දෙන්නගෙම උපන් දිනය එකම දවසේ නිසා සර්ප්‍රයිස් එකක්වත් දෙන්න විදියක් නැහැ. අපි දෙන්න එකට උපන් දිනය සමරනවා. ඒකත් ඉතින් ලොකු දෙයක්නේ. ආදරය හැමදාම තියෙන්න කියලා සුබ පතන ගමන් කවී එක්කත් කතා කළා..

කවී ජීවිතේ වැඩියෙන්ම සතුටු දවස් නේද මේ ගත වෙන්නෙ…

ඔව් සැප්තැම්බර් කියන්නෙ මගේ ආසම මාසේ. මුළු අවුරුද්දෙම බලාපොරොත්තු තියන් ඉන්නෙ මේ මාසෙට තමයි. අපේ උපන්දිනය තියෙන්නේ. ඒවගේම දැන් අපි දෙන්නගෙ විවාහ ගිවිස ගැනීම තියෙන්නේ මේ මාසේ. එතකොට මගේ අම්මගෙ තාත්තාගෙ ඇනිවසරි එක 15 වෙනිදා. තාත්තා ගෙ උපන්දිනය 22. ඒ නිසා සැප්තැම්බර් කියන්නෙ මට විශේෂිත මාසයක්.

කොරෝනා මුල් කාලේ ගොඩක් බයෙන් හිටියේ කියන්නෙ ඇත්තද?

කොරෝනා පටන් ගත්ත දවසෙම වගේ තමා මම ලංකාවෙ ඉඳන් මෙහෙ ආවේ. කොරෝනා ගොඩක්ම ව්‍යාප්ත වුණේ නිව් යෝර්ක් වලට. ඒ දවස් වල ගෙදරින් එළියට යන්න දෙන්නෙ නැහැ අම්මා. ගේ ඇතුළටම වෙලා හිටියේ. ඒ කාලෙ නම් බයක් තිබ්බා. දැන් නම් අඩුවේගෙන යන්නෙ. ඒ නිසා සාමාන්‍යය ජන ජීවිතය තියෙනවා.

ආදරය කරන්න, විවාහ වෙන්න ක්‍රිකට් ක්‍රීඩකයෙක් තෝර ගත්තේ ඇයි?

මම හෙව්වෙ ගතිගුණ. කතාබහ කරන විදිය. ඒ කෙනා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණා.

දැන් විවාහ ගිවිසගෙන, විවාහය කොයි කාලෙ වගෙද ගන්න ඉන්නෙ..
ලබන අවුරුද්දේ. ජුනි ජූලි අගෝස්තු නිවාඩුවට තමා වෙඩින් එක ගන්න හිතන් ඉන්නෙ. එතකොට මගෙ මල්ලිගෙ ස්කූල් නිවාඩුව සහ මගෙ අම්මටත් ඒ කාලේ නිවාඩු නිසා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!