රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ආහාර නිශ්පාදන තාක්ෂණ වෛද්‍ය පාඨමාලව හදාරන පළමු වසරේ ශිෂ්‍යවක් නේවාසිකාගාරයේ නාන කාමරය තුළදී දරුවෙක් ප්‍රසූත කර තිබෙනවා.
ඇය මිහින්තලේ පදිංචිකාරියක් වන අතර මෙම වසරේ මැද භාගයේ විශ්වවිද්‍යාලයට පැමිණ තිබෙනවා. පසුගිය 18 වනදා ඇය ගමේ ගොස් නැවත නේවාසිකාගාරයට පැමිණ තිබෙනවා. අනෙකුත් සිසුවිටන් සමග ඇය කිසිදු වෙනසක් පෙන්වන්නේ නැතිව නිවෙස් වලින් ගෙනාව කෑම බෙදා හදාගන සාමාන්‍ය ආකාරයට හැසිරිලා තිබෙනවා.
රෑ 11 පමණ ඇය බඩේ අමාරුවක් තියෙනවා ගොඩක් වේදනයි කියලා ඇයත් එක්ක නේවාසිකව සිටින සිසුවියන්ට කියලා තියෙනවා. ඔවුන් ඇයට වේදනා නාශක පෙති සහ නොයෙක් ආකාරයේ ප්‍රතිකාර කර තිබෙනවා.
මේ පිළිබදව සිසුවියන් පාලනාධිකාරියට දැනුම් දෙන්න සූදානම් වූවද ඒ වෙලේම ඇය වැසිකිළිය තුළට ගිහින් පැයකට අධික කාලයක් ගත කර තිබෙනවා.
පසුව ඇය සිසුවියන්ගෙන් චීත්ත රෙද්දක් ඉල්ලගන ටික වේලාවකින් චීත්ත රෙද්දේ යමක් ඔතාගන පිටතට ඇවිත් තිබෙනවා. බිලිඳු දරුවෙක්ගේ පාදය හා හිස චිත්ත රෙද්ද අස්සෙන් දැකපු සිසුවියන් ඒ අවස්ථාවේ දැඩි කලබලයට පත්වෙලා තිබෙනවා. සැකකාර සිසුවිය මේ ගැන කාටවත් කියන්න එපා මම හෙට උදේම ගමේ යනවා වශයෙන් පවසා තිබෙනවා.
නමුත් අනෙක් සිසුවියන් මේ පිළිබඳව වහාම පාලනාධිකාරියට දැනුම් දී තිබෙන බවට පොලිසිය පැවසුවා.
වහාම එම ස්ථානයට පැමිණි පාලනාධිකාරියේ සාමාජිකාවක් හා නේවාසික කථිකාචාරවරයෙකු එක්ව ඇයව රෝහල් ගතකර තිබෙනවා.ඒ වන විටත් චීත්ත රෙද්දේ ඔතා සිටි බිලිඳා මියගොස් සිටි බවට පොලිසිය කළා. ඇය තම ගම් ප්‍රදේශයේ පුද්ගලයෙකු සමග පැවැත්වූ සමීප සම්බන්ධතාවයක් හේතුවෙන් ගැබ් ගන්න ඇති බව සිදුකළ පරේෂණ වලදී හෙළි වී තිබෙනවා.