Gossip News

දරු දුක නොහදුනන මව සිය දරුවාට කළ අහස පොළව නුහුළන අපරාධය…

උපන් සැනින් තම දරුවාව කාණුවකට විසිකර දාලා මරා දමමපු සිද්ධියක් හැටන් ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
පසුගිය 17 වනදා කාසල්රී ජලාශයේ දික් ඔය සම්බන්ධ වන දකුණු වනරාජ ප්‍රදේශයේ ජලයේ පාවෙමින් තිබූ බිළිඳු මළ සිරුරක් ධීවරයකු විසින් සොයාගන තිබෙනවා. ඔහු මේ සම්බන්ධව පොලිසියට දැන්වීමෙන් අනතුරුව වැඩිදුර විමරශණ සදහා යොමු වී තිබෙනවා.

විමර්ශණ අතරතුරදී පොලීසියට දික්ඔය වනරාජ වත්ත තේ වත්ත ප්‍රදේශයේ සිට කාන්තාවක් සැක පිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඇය 39 වයස ඇති කාන්තාවක් වන අතර ඇයට අවුරුදු 6ක ගැහැණු දරුවකු සහ අවුරුදු 3 පිරිමි දරුවකු සිටින අතර සැමියා කොළඹ ප්‍රදේශයේ රුකියාවක් කරන අයෙකු බවට තොරතුරු ලැබී තිබෙනවා.

ඉකුත් 14 වන දා පෙරවරුවේ ඇයට නිවසේ දී දරුවා ලැබී ඇති අතර ඉපදීමෙන් පසු දරුවා මිය ගොස් තිබෙනවා. ඒ නිසා දරුවාව ගලා බසින කාණුවට විසිකල බවට ඇය පාපොච්චාරණය කර තිබෙනවා.

මේ වන විට සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුර විමර්ෂණ පවත්වන පොලිසිය සැකකාර කාන්තාව හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා කළා.

අද දින බිලිඳාගේ මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ දික් ඔය මූලික රෝහලේ පැවැත්වීමට නියමිත බවට පොලිසිය වාර්තා කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!