පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කළ උපවාසයට සහය පළ කරමින් කළුතරින් සහ අළුත්ගමන් ආරම්භ වන මගි බස් රථ ධාවනය නොවන බව වාර්තා වනවා.
අද(03) උදෑසන සිට දුරගමන් සේවා බස් රථ හැර අනෙකුත් සියලුම බස් රථ මෙලස ධාවනය නොවන බව අප වාර්තාකරු සඳහන් කළේය.
මේ හේතුවෙන් අද උදෑසන රාජකාරී සඳහා පිටත්වීමට පැමිණි මගී ජනතාව අසීරුතාවයකට පත්ව ඇත.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අය එම තනතුරුවලින් ඉවත් කරන ලෙස සහ සිංහල මව්වරුන් වඳභාවයට පත්කළැයි පැවසෙන මොහොමඩ් ෂාෆි ඇතුළු වෛද්‍යවරු පිළිබඳ විමර්ශනය කිරීමට ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත්කරන ලෙස ජනාධිපතිවරයාට බල කරමින් රථන හිමියන් මෙම උපවාසය ආරම්භ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද(03) සිව්වන දිනටත් මෙලෙස උපවාසයේ නිරත වෙයි.
රතන හිමිට සහය පළ කරමින් මාතලේ නගරයේද සියලුම වෙළඳසැල් වසා දමා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.