Gossip

මාරාන්තික උපවාසයක නිරත වන රතන හිමියන්ගේ සුවදුක් විමසීමට කාදිනල් හිමියන් පැමිණෙයි – වීඩියෝ

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (03) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාළිගාව අබියස අඛණ්ඩ උපවාසයක නිරතව සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීම සඳහා පැමිණියා.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ අසාද් සාලි , එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරු එම ධුරවලින් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් හතරක් මුල්කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් දළඳා මාළිගාව අබියස අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළේ ඉකුත් සිකුරාදායි.

රතන හිමියන් අවධාරණය කර සිටියේ ජනාධිපතිවරයා මෙම ඉල්ලීම් ඉටුකරන තෙක් නිරාහාරව අඛණ්ඩ උපවාසයේ නිරතවන බවයි.

මෙම අවස්ථාවට එක්වෙමින් අගරදගුරු මැල්කම් කාදිනල් හිමිපාණන් කියා සිටියේ, සිදුවු ප්‍රහාරයන් ගැන නිසි පරීක්ෂණයක් සිදු කළේ නොමැති බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයන්ගෙන් මිය ගිය හා තුවාල වු ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමින් රතන හිමියන් එයට අදාළ සැබෑ තතු සොයා ගෙන මෙවැනි උපවාසයක් කරන බවත් පැවසු අගරදරගුරු හිමියන් මෙම බෝම්බ ප්‍රහාරයට අනුග්‍රහය දැක්වුයේ කවුද යන්න පිළිබඳ තවමත් සත්‍ය හෙළි වී නොමැති බව ද පවසා සිටියේය.

බෝම්බ සිදුවීමෙන් මියගිය හා තුවාල වු පවුල්වල අයගේ පවුල්වලට සාධාරණයක් සිදු වුවා යැයි සිතිය නොහැකි බවත් නිලධාරීන් පසුපස යමින් ආගම් පසුපස තිබෙන සැකය හා බිය ඉස්ලාම් ජාතිකයන් අතර ඉස්මතු වීමට ඉඩ දී ප්‍රහාරයට වක්‍රව සම්බන්ධ වුයේ කවුරුන්ද ගැන විශේෂයෙන් සොයා බැලීය යුතුයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!