මේ දවස්වල හැමෝම කතා වෙන නම තමයි බෝරා මුස්ලිම්වරුන්.
ලොව සමස්ථ බෝරා මුස්ලිම්වරුන්ගේ ජාත්‍යන්තර සමුළුව ඔවුන්ගේ අධ්‍යාත්මික නායක දායි සහෙද්නා මොහම්මද් තුමන් ප්‍රධානත්වයෙන් මේ දිනවල කොළඹදී පැවැත්වෙනවා.
මේ නිසා තමයි කවුරුත් බෝරා මුස්ලිම්වරුන් ගැන කතා වෙන්නේ.
ඇත්තටම කවුද මේ බෝරා මුස්ලිම්වරුන් කියන්නේ…?
බෝරා මුස්ලිම් නිකාය ඉස්ලාම් ආගමේ ප්‍රධාන නිකායන් දෙක වන සුන්නි හා ෂියා මුස්ලිම් දෙපිරිසෙන්, ෂියා නිකායට අයත් ඉස්මයිල් ශාඛාවේ උප නිකායකි.
මේ අතර ෂියා නිකාය බොහෝ විට ලෝකයේ ත්‍රස්තවාදය සහ අන්තවාදයට සහය නොදක්වන පිරිසක් වේ.
එබැවින් එහි උප නිකායක් වන බෝරා මුස්ලිම්වරු බොහෝ විට අන්තවාදී ස්වරූපයක් නොගන්නා බෙහෙවින් සාමකාමී මිත්‍රශීලී පිරිසක් ලෙසයි හැදින්වෙන්නේ.
සම්ප්‍රදායික අරාබි ඇඳුම් නිතර නොඅඳින, තමන් ජීවත් වෙන රටේ සංස්කෘතිය සමඟ මුසු වූ ඔවුන් තම ආගමික චාරිත්‍ර වලට මුල්තැන දී කටයුතු කරනු ලබනවා.
එක් දවසකට පස් වතාවක් දෙවියන් නමදියි. රාමසාන් මාසයේ උපවාස රකියි. හජ්ජ් සහ උම්රා සඳහා සහභාගී වේ. සකාත් ලබාදීම ද සිදු කරයි.
අපේ රටේ සිටින බෝරා මුස්ලිම්වරුන් අතර ප්‍රසිද්ධ දේශපාලඥයන් සහ ව්‍යාපාරිකයන්ද සිටිනවා.
ලංකාවේ බෝරා මුස්ලිම්වරුන් තුන්දහසක් පමණ සිටින බව සඳහන්.
ඉන්දියාව ,යේමනය ,දකුණු අප්‍රිකාව මෙන්ම මැද පෙරදිග බෝරා මුස්ලිම් වරු මිලියන 1.2 පමණ ජීවත් වනවා.
