Gossip

යුරෝපයේ වැඩිම කොරෝනා මරණ එංගලන්තයෙන් වාර්තා වෙයි

ලොව දෙවැනි වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති රට බවට එංගලන්තය පත් වූ බව එරට විදේශීය ලේකම් ඩොමිනික් රාබ් පැවසීය. මේ අනුව මෙතෙක් දෙවැනි වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබු රට බවට පත්ව තිබු ඉතාලිය තෙවැනි ස්ථානයට පත් ව ඇති අතර යුරෝපයේ වැඩිම කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව පවතින රට බවටද එංගලන්තය පත් ව තිබේ.

එංගලන්තයෙන් අද වන විට කොරෝනා වෛරස් ආසාදිත මරණ 29,427 ක් වාර්තා වී ඇති අතර මේ වන විට ඉතාලියෙන් වාර්තා වී ඇත්තේ එම ආසාදිත මරණ 29,315 දෙනෙකි ,එංගලන්තය මෙසේ යුරෝපයේ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ඇති රට බවට පත්ව ඇත්තේ ඉතාලියටත් වඩා වේගයෙන් බව වාර්තා වී තිබේ .ගත වූ පැය 24 තුළදී එංගලන්තයෙන් කොරෝනා මරණ 693ක් වාර්තා වී ඇති බව විදේශ ලේකම්වරයා දෛනික කොරෝනා පිළිබඳව පැවැත්වූ මාධ්‍ය හමුවේදී පවසා තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!