Gossip

මෝදර නිවසක අම්මයි දුවයි එකට අයිස් ගහලා…මත්වී අඩ නිරුවතින් ඉදලා..

මොරටුව මෝදර ප‍්‍රදේශයේ නිවසක් තුළ අයිස් මත්ද්‍රව්‍ය බොමින් සිටි කාන්තාවන් සිව්දෙනෙකු පෙරේදා (18 දා) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව එගොඩඋයන පොලිසිය කියයි. පොලිස් පරීක්‍ෂක අනිල් මාසකෝරාල මහතාට ලද තොරතුරක් මත සැරයන් මධුසංක ඇතුළු පොලිස් කණ්ඩායම මෝදර ධීවර කාර්යාල වත්තේ නිවස වටලා පරීක්‍ෂා කිරිමේදී සැකකාර කාන්තාවන් දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය බොමින් සිට ඇති අතර අනෙක් කාන්තාවන් දෙදෙනා තදින් මත්වී කාමරයක අඩනිරුවතින් සිට ඇතැයි පොලිසිය කියයි. පසුව කාන්තා කොස්තාපල් චන්දිමා ලවා සැකකාරියන් පොලිස් ජීප් රථයට නංවා ගැනීමට කි‍්‍රයාකළ බැව් පොලිසිය කියයි.

ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග‍්‍රෑම් 30 බැගින් අඩංගු කුඩා පැකට් හතරක්, ලයිටර් සහ අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහාම විදුලි බල්බයක් බිඳ සකස් කරගෙන තිබු උපකරණයක්ද භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට පත් කාන්තාවන් අතර මවක් සහ දියණියක් සිටින බැව් පොලිස් නිලධාරියකු පැවසීය. මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ මෝදර, ධීවර කාර්යාල වත්ත ප‍්‍රදේශයේ පදිංචි මවක් (48), දියණියක් (24) සහ 31 හා 36 වියේ පසුවන කාන්තාවන් බව පොලිසිය කීය. සැකකාරියන් මොරටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!