Gossip

කොවිඩ් අඩපණ කළ පී.එච්.අයි.ලට යතුරුපැදි

කොවිඩ් ව්‍යාප්තිය අඩපණ කිරීම සඳහා දායක වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට, සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් විශේෂ ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ යතුරුපැදි ලබාදීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සම්පාදනය කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී තිබෙන උපදෙස් අනුව අගෝස්තු 30 වැනිදාට පෙර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යතුරුපැදි ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ‘‘කොවිඩ් විශේෂ ව්‍යාපෘතියේ’’ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පවසයි. පළමු අදියර යටතේ යතුරුපැදි අටසියයකට වැඩි සංඛ්‍යාවක් පිරිනැමීමට නියමිතව තිබේ.

සෑම මහජන පරීක්ෂකවරයෙක් සඳහාම වසර 5කට වරක් නව යතුරුපැදියක් රජය මගින් ලබාදෙන අතර 2015 වසරෙන් පසු මෙතෙක් මහජන පරීක්ෂකවරුන් සඳහා එම යතුරුපැදි ලබාදී නොමැත.

ඒ අනුව මෙතෙක් යතුරුපැදි නොලැබූ 805කට පමණ නව යතුරුපැදි ලබාදීමට නියමිතව තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!