හිඟුරක්ගොඩ ප්‍ර දේශයේ මාර්ගයකට “මෝඩයාගේ පාර“ නමින් නම් කර ඇති පුවතක් වෙබ් ගොසිප් වෙතින් අප පසුගිය දින රටටම අනාවරණය කළේය.
එම පුවත අනාවරණය කිරීමෙන් දවස් කිපිපයකට පසු අදාළ මාර්ගය නම නම් කර සවි කර තිබු පුවරුව මේ වන විට එම ස්ථානයෙන් ගලවාගෙන ගොස් ඇති බව අප වාර්තාකරු පැවසුවේය.
ඉහත දැක්වෙන්නේ අදාළ පුවරුව සවිකර තිබු කණු දෙක පමණි.
අප මීට පෙර පළකළ පුවත හා ඡායා රූප පහතින් පළවෙයි.
මෝඩයන්ට පාරක් වෙන්වුණේ මෙහෙමයි
ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් රටපුරා පාරවල් කැපීම, තාරදැමීම, කාපට් කිරීම, කොන්ක්‍රීට් දැමීම සාමාන්‍ය පරිදි කරගෙන යයි. එසේම එම පාරවලට නම් තැබීමද සාමාන්‍යයෙන් සිදුවන්නකි.
එහෙව් ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණය කරන ලද පාරක් “ මෝඩයාගේ පාර” කියා නම් කර ඇති බව කිවුවොත් ඇතැම්විට ඔබ පුදුම නොවනු ඇත.
මේ පාර තියෙන්නේ හිඟුරක්ගොඩ කොතලාවල ප්‍රදේශයේය. මින්නේරිය – හිඟුරක්ගොඩ ප්‍රධාන මාර්ගයේ මිටර් 50ක් ගමන් කළ විට පළමුවෙන් දකුණට හමුවන එම අතුරුපාර ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් බොරළු දමා ප්‍රතිසංස්කරණය කර තිබේ.
එම මාර්ගයට පිවිසෙන ස්ථානයේ ඇති පුවරුවේ සඳහන් එක ගමකට එක වැඩක් යටතේ එය මෝඩයාගේ පාර ලෙස නම් කර ඇති අයුරු පැහැදිලිව දැකිය හැකිය.
මේ පාර මීට පෙර හඳුන්වා ඇත්තේ ඩී 13 ආර්.බී 4 පාර ලෙසයි.
කොහොම වුණත් මේ පාර දෙපැත්තේ ජීවත් වෙන්නේ මේවන විට පවුල් 6ක් බවත් දැන් ඔවුන්ට තැපැල් ලිපිනය විදියට භාවිතා කරන්න වෙලා තියෙන්නෙත් අවසානයේ මෝඩයාගේ පාර කියලත් ආරංචියි.
