“නිස්සාර සංසාර ” ගීතයෙන් බොහෝ සේ ජනාදරයට පාත්ර වූ ජනප්රිය ගායිකා අභිෂේකා විමලවීර කලා කටයුතුවලින් ඈත් වීමට තීරණය කර තිබෙනවා.
ඒ බව ඇය සිය ෆේසුබුක් පිටුව ඔස්සේ සටහනක් යොදමින් ප්රකාශ කර තිබෙනවා.
නැසීගිය ප්රවීණ ගීත රචක සුනිල් විමලවීරයන්ගේ දියණිය තමයි අභිෂේකා කියන්නේ.
ගායන ශිල්පිණියක් පමණක් නොවෙයි නිවේදිකාවක්, පද රචිකාවියක් ලෙස ඇය කලා ක්ෂේත්රයේ ඉහළ නමක් දිනාගත්තා.
මේ ඇය කලාවෙන් සමුගන්නා බවට ෆේස්බුක් දැමූ සටහනයි.
සියලු කලා කටයුතු වලින් බැහැර වන්නට තීරණය කළෙමි. තාත්තාගේ හීනය පමණක් හැබෑ කරවීමට වෙර දරමි.
මෙතෙක් කල් මාගේ නිර්මාණ අගයමින් මා දිරි ගැන්වූ මටත් වඩා මාගේ හඩට ආදරය කළ ඔබට අනේක වාරයක් ස්තූතියි.
අභිෂේකා විමලවීර!
