තරුණ තරුණියන් වැඩියෙන්ම කැමති සංගීත කණ්ඩායම මොකද්ද කියලා ඇහුවොත් ගොඩක් අයගේ උත්තරවල වායෝ කියන නම තියෙනවා.
ඉතින් සංගීත් ප්රමුඛ වායෝ සංගීත කණ්ඩායම මේ වෙද්දි හැමෝම ආදරය කරනවා.
වායෝ කියපු ගමන් ඔබට මතක් වෙන තවත් නමක් මේ අතර ඇති.
ඒ තමයි මිහිඳු ආරියරත්න.
යන තැනක, අනැවැකියක්, දුවණි යන ගීතතුළින් ප්‍රේක්ෂකයාගේ ආදරය වැළඳගත් මිහිදු වායෝ සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙන්න තීරණය කරලා තියෙනවා.
ඉතින් මේ ගැන මිහිදු කියලා තිබ්බේ මෙහෙම කතාවක්.
ඔව් මම ඉවත්වෙනවා. ඒත් මම ඉවත්වෙන්නේ එහෙම මොකුත් තරහක් වෙලා නෙවෙයි. අමනාපවෙලා එහෙම නෙමෙයි Band එක හැරදාලා යන්නේ. හැමෝගෙම ආශීර්වාදය අරගෙන තමයි මම අයින් වෙන්නේ. මගේ වැඩිදුර අධ්‍යාපනය සඳහා. “වායෝ” එකට සුභපතලා, තව එක්කෙනෙක් පුහුණු කරන්නත් අවස්ථාව ලබා දීලා මම ඉතින් අයින් වෙනවා…”
