Gossip

අවුරුදු දෙකක සිට බිත්තර දමන පිරිමි දරුවෙකු හමුවෙයි – වීඩියෝ

පිරිමි දරුවෙකු විසින් අවුරුදු දෙකක් තිස්සේ බිත්තර දමන පුවතක් ගැන ඉන්දුනීසියාවෙන් වාර්තා වනවා.
මෙම දරුවා පසුගිය වසර දෙක තිස්සේම අධෝ මාර්ගයෙන්න බිත්තර 20 ක් පමණ තබා තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ නිසා වෛද්‍යවරුන්ට ගැටලුකාරී තත්ත්වයකට පත්ව තිබෙනවා.
මෙම දරුවා විසින් පවසන්නේ මෙලෙස බිත්තර දැමීම 2016 වසරේ සිට පවතින බවයි.
දරුවා විසින් දමන බිත්තර සිය පියා විසින් කඩා බැලීමේදී කහ මදය පමණක් හෝ ඇතැම්විට සුදු මදය පමණක් පැවති බවත් වාර්තා වනවා.
වෛද්‍යවරුන් විසින් මෙය නිරීක්ෂණය කිරීමට එක්ස්රේ පරීක්ෂණයක්ද සිදුකර තිබෙනවා.
එහිදී දක්නට ලැබී තිබෙන්නේ බිත්තර පවතින බවයි.
දිගින් දිගටම මේ ගැන විමර්ශනය කළ වෛද්‍යවරුන් ඉදිරියේද පසුව බිත්තර දෙකක් මෙම දරුවා විසින් දමා තිබෙනවා.
පසුව ඔවුන් සැකපල කර තිබෙන්නේ මෙම බිත්තර දරුවාගේ අධෝ මාර්ගයට ඇතුලත් කර ඇති බවයි.
එය ප්‍රතික්ෂේප කරමින් දරුවා පවසන්නේ තමන් බිත්තර ගිල නොදැමූ බවයි.
කෙසේ වෙතත් මේ ගැන වැඩිදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!