අපිට අහන්න දකින්න ලැබෙන සමහර සිදුවීම් ගැන විශ්වාස කරන්නත් අමාරුයි.
ඒ විදිහේ සිදුවීමක් ගැන විදෙස් රටකින් අපිට අහන්න ලැබුණා.
මධ්‍ය ඇමරිකාවේ 16 හැවිරිදි තුන් මස් ගැබිණියක් හදිසියේ මිය ගිහින්.
මෙම මරණය නිවසින් පිටතදී සිදුව තිබුණා.
දැඩි ආගමික විශ්වාසවලින් යුතු තරුණියගේ දෙමාපියන් මෙම මරණයට හේතුව ඇය කිසියම් බලවේගයක් විසින් අල්ලාගෙන සිටීමයැයි දැඩිව විශ්වාස කර තිබෙනවා.
අදාල තරුණිය මියගොස් පැය 3 කට පසුව අදාල තරුණියව රෝහල්ගත කර තිබුණු අතර එහිදී වෛද්‍යවරුන් සනාථ කර ඇත්තේ ගැබිණි කාන්තාව මිය ගොස් ඇති බවයි.
පසුව ඇගේ පවුලේ අය විසින් අවමංගල්‍යය කටයුතු සුදානම් කර මිය ගිය ගැබිණි මවගේ දේහය මිනී පෙට්ටයක දමා සොහොන් කොතක තැන්පත් කර තිබෙනවා.
ගැබිණියගේ දේහය තැන්පත් කිරීමෙන් පසු දින ඇගේ පෙම්වතා විසින් සෙහොන් කොතට ගොස් ඇති අතර එහිදී ඔහු විමතියට පත්වුනු සිදුවීම සිදුව ඇත.
“එයාගේ සොහොනට අත තිබ්බ ගමන් මට ඇඩුනා. එවෙලෙම ඇය උදව් ඉල්ලලා කෑ ගහන ශබ්දය ඇහුනා.
මට ඒක විශ්වාස කරන්න බෑ. අපි එයාව වල දාලා දවසයි. මට කියගන්න බැරි සතුටක් ආවා.”
මේ ගැන සුසාන භූමියේ සේවකයෙකු පවසා තිබෙන්නේ මෙවැන්නක්.
මරුනු කෙනාගේ ස්වාමි පුරැෂයා ඇවිත් එම කාන්තාව බේර ගන්න මිනී පෙට්ටිය ගොඩ අරන් දෙන්න කිව්වා.
මට හිතුනෙම ශබ්දය එන්නේ වෙන තැනකින් කියලා. ගොඩට ගත්තු කාන්තාවට පණ තියෙයි කියලා මම කීයටවත් හිතුවේ නෑ.
පසුව ගැබිණි මවගේ ඥාතීන් පැමින මිනී පෙට්ටිය සොහොන් කොත කඩා පිටතට ගෙන තිබෙනවා.
ඒ අවස්තාවේ මිය ගිය බවට වළ දැමු ගැබිණියගේ සිරුර උණුසුම්ව පැවති අතර ඇගේ හුස්ම වැටෙන බවද දක්නට ලැබී තිබෙනවා.
පසුව මොවුන් වහාම ඇගේ මිනී පෙට්ටිය පිටින්ම ඇයව ට්‍රක් රථයක නංවා රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.
වෛද්‍යවරු විසින් මෙම ගැබිණියව වහාම ප්‍රතිකාර සදහා යොමු කර ඇති අතර කෙසේ වෙතත් දිනක් පුරාම වළදැමීම නිසා ඔක්සිජන් අඩුකමින් මෙම ගැබිණිය එවර රෝහල තුල සත්‍ය ලෙසම මිය ගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇති බවට සිතා විවිධ පුද්ගලයින් පණ පිටින් වළ දැමු පුවත් අතීතයේ වාර්තා වී තිබුනත් නවීන තාක්ෂණික වෛද්‍ය ප්‍රතිකාර ඇති සමයක සිදුවුනු මේ අවාසනාවන්ත පුවත සම්බන්ධව හුඟ දෙනෙක් විමතියට පත්ව තිබෙනවා.